අද දෙරණ උකුස්සා : කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම

(27.11.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (26) සිදු කළ හෙළිදරව්වට අනුව අදාළ සහල් මෝල ඊයේ (26) රාත්‍රියේදීම නීතියේ රැහැනට හසුකර ගැනුණි.

ඒ , විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උකුස්සා අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමග මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කෙරෙන ජාවාරමක් පොලොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාන සහල් මෝලක සිදු කෙරෙන බව ‘අද දෙරණ උකුස්සා’ට වාර්තා විය.

ඒ අනුව උකුස්සා සිදුකළ සොයාබැලීමේදී මෙම කල්ඉකුත් වූ සහල් සමග පණුවන් සහ මැස්සන්ද සිටින අයුරු දක්නට ලැබුණු අතර එලෙස කල්ඉකුත් වූ සහල් උපකරණයක් මගින් සුද්ධ පවිත්‍රකිරීම හෙවත් පොලිෂ් කරන ආකාරය ද දැකගත හැකි විය.

එමෙන්ම සහල් සඳහා රසායනික ද්‍රව්‍යයක් එක්කිරීම ද එහිදී සිදුකෙරෙන බව දක්නට ලැබුණි.

ඊයේ (26) රාත්‍රී 6.55 අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් උකුස්සා මෙම අනාවරණය සිදුකොට මිනිත්තු පහක් ගතවීමටත් පෙර විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ අප අමතමින් කියා සිටියේ ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් පොලිසියද සමගින් ඊයේ (26) රාත්‍රියේම අදාල ස්ථානය වටලනු ලැබුවේය.

කල් ඉකුත් වූ සහල් සමඟ යළි වෙළඳපොලට යැවීම සඳහා සූදානම්කර තිබූ සහල් තොගද අසුරා තිබෙන ආකාරය එහිදීද දක්නට ලැබුණි.

එම සහල්වලද පණුවන් සිටි අයුරු දක්නට ලැබුණේය.

අනතුරුව ඊයේ (26) රාත්‍රියේ එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තාවකාලිකව සහල් මෝල වසා දමනු ලැබුවේය.

‍ඉන්පසුව අද (27) පෙරවරුවේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ගොස් අදාල ස්ථානය අද (27) දිනයේදීදත් පරීක්ෂාවට ලක් කළේය.

එහිදීද තහවුරුවුණේ කල් ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ අසුරා ඇති බවයි.

නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වූ දිනය වෙනස් කළ ලේබල් සහිත සහල් උරද , උපරිම සිල්ලර මිලට වඩා මිල සඳහන් කර තිබූ සහල් උරද අද (27) දිනයේත් සොයාගැනුණි.

එමෙන්ම කල් ඉකුත් වූ සහල් කිලෝ 85,000 ක තොගයක්ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේය.

අනතුරුව මෙම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තැබුවේය.

+++++++++++++++++++++

ජනතාවට බත් වෙනුවට වස කැවූ ‘නිව් රත්න’ හාල් මෝලට සීල්

(28.11.2019 – 15:11 +0530 – lankaleadnews.com)

පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සහල් තොග අලුත් සහල්වලට මිශ්‍ර කර රට පුරා විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සිදු කළ බව කියන පොළොන්නරුව සිංහපුර ‘නිව් රත්න සහල් නිෂ්පාදනාගාරය’ට මුද්‍රා තබා ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ​පොලිසිය ඊයේ (27 වැනිදා) දහවල් මෙම පියවර ගෙන ඇත.

කල් ඉකුත් වූ සහල් තොග අලුත් සහල්වලට මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රත්න සහල් නිෂ්පාදනාගාරයේ සිදුකෙරෙන බවට දෙරණ රූපවාහිනි නාළිකාවේ උකුස්සා වැඩසටහන මගින් පෙරේදා (26 වැනිදා) අනාවරණය කිරීමෙන් අනතුරුව එදිනම රාත්‍රී එම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය.

ගුල්ලන්, පණුවන් සහිත කල් ඉකුත් වූ සහල් තොග සහල් නිෂ්පාදනාගාරයට ගෙනැවිත් යළි ඒවා යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කර අලුත් සහල්වලට මිශ්‍ර කර වෙළෙඳපොළට යවා ඇත්තේ කල් ඉකුත් වන දින ආදියද වෙනස් කරමිනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ සහල් නිෂ්පාදනාගාරය ඊයේ (27 වැනිදා) පරීක්ෂාවට ලක්කරන ලදී.

ශ්‍රිලනිපයෙන් පොළොන්නරුවට ඡන්දය ඉල්ලූ ලංකේෂ්වර මිත්‍රපාලට අයත් එම නිෂ්පාදනාගාරයේ තිබූ සහල් කිලෝග්‍රෑම් දෙලක්ෂ හතළිස් දහකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම සහල් මලුවල සඳහන් දිනය අනුව ඒවා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ඒවා බවත්, එමෙන්ම ඒවායෙහි මිල ගණන්ද වෙනස් කර සඳහන් කර තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි​යේ අධ්‍යක්ෂ (පාරි​භෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර පවසයි.

කල් ඉකුත් සහ අලුත් සහල් තොග නිෂ්පාදනාගාරය තුළම ගබඩා කර තිබූ බවද සඳහන් වේ. පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සහල් ව්‍යාපාරයට විරුද්ධව අධිකරණයේ නඩු පැවැරීමට නියමිතව ති​බේ.

ඇමැති චමල් රාජපක්ෂ, පාරි​භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් යන මහත්වරුන්ගේ උපදෙස් මත අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ​පොළොන්නරුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එච්.ජී.සී. චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර ඇත.

+++++++++++++++++++++

10-07-2018
…. අනතුරුව පැවති උත්සව සභාවේදී, අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය සඳහා ධන පරිත්‍යාගය සිදුකළ නිව් රත්න සමූහ ව්‍යාපාරයේ ලංකේෂ්වර මිත‍්‍රපාල මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය. ….

https://sinhala.news.lk/news/sri-lanka/item/29816-2018-07-10-01-23-00

+++++++++++++++++++++

+++++++++++++++++++++

…. පොළොන්නරුව ලංකාපුර අභයපුර ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ රන්කොත් චෛත්‍යයේ කොත නිරාකරණය කිරීමද ජනාධිපතිතුමා අතින් පසුගියදා සිදුවුණා. දේශමාන්‍ය දේශ බන්දු මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ හා පවුලේ උදවියගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකොට තිබෙනවා.

එහිදී අතීතය සිහිපත්කළ ජනාධිපතිතුමා කීවේ 1968 දී අභයපුර ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාවේ ගියේ මිත්‍රපාල මහතාගේ නිවසට බවයි. ඉන්පසු නිතර එම ප්‍රදේශයට පැමිණි තමනට ගමේ සෑම නිවසක්, පාරක්, අමුණක්ම මතක බවත්, ඇතැම්විට දැන් අලුත් පිරිස් පැමිණ සිටිය හැකි බවත් ජනාධිපතිතුමා කීවා. යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහ සඟරුවනේ අනුශාසනා ඉතාමත් වටිනා බවද ජනාධිපතිතුමා පැවසුවා. ….

http://yukthiya.lk/9318-2/

+++++++++++++++++++++

…. පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන රත්න සහල් කර්මාන්ත අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් අලුතින් ආරම්භ කළ රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවුණා. එහිදී ජනාධිපතිතුමා කීවේ රත්න සහල්, රත්න ඉංජිනියරින් හා රත්න පොලිසැක් වශයෙන් වර්ධනය වන ව්‍යාපාර සමූහය පොළොන්නරුවට ආඩම්බරයක් බවයි. ….
http://yukthiya.lk/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A/

+++++++++++++++++++++

පුලතිසි පුරයේ අභිමානය ලොවට කියූ නිව් රත්න සහල් අධිපති ලංකේශ්වරගේ මිත්‍රපාල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *