ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ගැන තවත් තොරතුරක් හෙළිවේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ගැන තවත් තොරතුරක් හෙළිවේ (විඩියෝ)

• දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් (විඩියෝ)

• හිටපු ඇමති රාජිතට එරෙහිව සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි (විඩියෝ)

• රාජිතගේ ප්‍රකාශ ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර රාජ්‍ය ඇමති කියයි (විඩියෝ)

• දේශපාලන අවශ්‍යතා මත සිරගත කළ පිරිස් වෙත නිදහස ලබාදිය යුතුයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි (විඩියෝ)

• කොළඹ වරායේ ස්කෑනර් පරිශ්‍රයේ ඇති වූ අධික තදබදය ගැන සොයා බලන්න ඇමති ජොන්ස්ටන් වරායට (විඩියෝ)

• මගේ නම දාලා වැරදි වැඩ වෙන්න බෑ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

• මහින්ද කියන නමට තිබ්බ වෛරය නිසා මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කළා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග (විඩියෝ)

• දොස්තරලා නැති රෝහලක් – මස්කෙළිය ප්‍රාදේශීය රෝහල (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි (විඩියෝ)

• හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි

• සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි

• බ්‍රිතාන්‍ය ජාතික සංචාරක යුවළට කාර් එක තල්ලුකරන්න කියා මහමග දමා දේපළ අරන් පළාගිය රියදුරා

+++++++++++++++++++++++++++++++++++

ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ගැන තවත් තොරතුරක් හෙළිවේ

(06.12.2019 – 19:32 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇතමුන්ගෙන් සාක්ෂි ලබාගෙන ඇත්තේ බලපෑම් සිදුකිරීමෙන් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ස්විස්ටර්ලන්තයට පලා ගිය එම දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඇතුළු පිරිසක් මෙලෙස බලපෑම් සිදුකර ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

***************************************

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් ගැන සොයන්න ජනාධිපති කොමිසමක්

(06.12.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිලිබද සොයා බැලිම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

***************************************

හිටපු ඇමති රාජිතට එරෙහිව සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි

(06.12.2019 – 20:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අමාත්‍යධුර දැරූ සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අල්ලස් කොමිසමට සිදුකළ පැමිණිලි ‘සත්‍ය ගවේශකයෝ’ සංවිධානය අද (06) අලුත් කළා.

ඒ, අල්ලස් කොමිසමට නව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්.

රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ නීතී විරෝධීව නැවි 8 ක් ගෙන්වීම සහ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී පිළිකා ඖෂධවලින් මුදල් වංචා කළ බව කියන සිද්ධි සම්බන්ධයෙන් ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය අද (06) මෙම පැමිණිලි ඉදිරිපත් කළා.

***************************************

රාජිතගේ ප්‍රකාශ ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර රාජ්‍ය ඇමති කියයි

(06.12.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බවට පැවසෙන සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ දේශපාලනඥයින් අද (06) අදහස් පළ කළා.

***************************************

දේශපාලන අවශ්‍යතා මත සිරගත කළ පිරිස් වෙත නිදහස ලබාදිය යුතුයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(06.12.2019 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පාලන සමය තුළ දේශපාලන අවශ්‍යතා මත සිරගත කළ පිරිස් වෙත ජනාධිපති සමාව ලබාදෙන ලෙස ‘බොදුබල සේනා’ සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

කොළඹ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.

මේ අතර ‘සිංහල රාවය’ සංවිධානය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

***************************************

කොළඹ වරායේ ස්කෑනර් පරිශ්‍රයේ ඇති වූ අධික තදබදය ගැන සොයා බලන්න ඇමති ජොන්ස්ටන් වරායට

(06.12.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ කොළඹ වරායේ අලුතින් සවි කරන ලද ස්කෑනර් යන්ත්‍රය සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ වරායේ ස්කෑනර් පරිශ්‍රයේ ඇති වූ අධික තදබදය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

***************************************

මගේ නම දාලා වැරදි වැඩ වෙන්න බෑ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(06.12.2019 – 17:04 +0530 – sinhala.adaderana.lk)

සිය නම පාවිච්චි කරමින් නිදහස් වෙළද කළාප තුළ කිසිදු වැරදි වැඩක් සිදුවීමට ඉඩ නොතබන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල ඉහල කළමණාකාරීත්වයට උපදෙස් දී තිබේ.

එවැනි සිදුවීම් ඇත්නම් සෘජුව තමන්ට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටි රණතුංග මහතා සිය නම යොදා ගනිමින් ආයෝජන කළාපයතුළ වැරදි වැඩ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බවද අවධාරණය කළේය.

ආයෝජන මණ්ඩල වල අධ්‍යක්ෂකවරුන් සමග අද (06) අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පෙන්වා දුන්නේ මෙරට ආයෝජන සදහා පැමිණේන ආයෝජකයන්ට ප්‍රමාදයකින්තොරව සිය කටයුතු සිදු කර ගැනීමට අවකාශය සැලසිය යුතු බවයි.

එවැනි පැමිණිලි ගනනාවක් තමන්ට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරණ බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ඇතැම් අයෝජකයන් ව්‍යාපෘති ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගෙන ඉඩම් වෙන් කරගෙන වසර ගනනාවක් ගතව ඇතත් මෙතෙක් එම ව්‍යාපෘති ආරම්භ කර නොමැති බවටද තොරතුරු තමන් වෙත වරතා වී ඇතැයි ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ එවැනි ආයෝජකයන්ගේ බල පත්‍ර අහෝසි කර එම ඉඩම් ඵලදායි ව්‍යාපෘති සදහා යෙදවිය යුතු බවයි.

එවැනි ව්‍යාපෘති වල වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නයි ද ඇමතිවරයා මෙහිදී අයෝජන මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල්වරියට නියෝග කළේය.

නිදහස් වෙළද කළාප ආශිත පොදු පහසුකම් නංවාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට ඒ පිළිබදව සොයා බැලීමේ වගකීමක් ඇති බවද කීවේය.

නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් 1,37,000 කට අධික පිරිසක් සේවය කරති. අයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා ඇති කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක පිරිස ලක්ෂ 05 කට අධිකය.

එම කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සේවක සුභසාධනය, ආරක්ෂාව, යටිතල පහසුකම් පිළිබදව සැලකිලිමත් වන ලෙසත් එම අඩුපාඩු සොයා බලා හ්වා විසදන ක්‍රමවේදයන් සකසන ලෙසත් ඇමතිවරයා ආයෝජන මණ්ඩල බලධාරීයන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය කීවේ පසුගිය රජයේ පැවති බදු ප්‍රතිපත්ති වල විවිධ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට මැලිකමක් දැක්වූ බවයි.

අයෝජකයන් සැම විටම රටේ දේශපාලන ස්ථාවරතාවය හා ආරක්ෂාව පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන බවද ඇය කීවාය.

ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ නව රජය යටතේ මෙරට අරක්ෂාව තහවුරු වී ඇති බවයි. රජයේ බදු ප්‍රතිපත්ති ද මේ වන විට රටට හිතකර ලෙස සකස්වෙමින් තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව යටතේ තිබුනේ මියයමින් තිබූ රටක් බවත් වත්මන් ජනාධිපතිවරවා හා ආණ්ඩුව යටතේ රටට නැවත ජීවය ලැබී ඇකි බවත් පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණේන ආයෝජකයන්ගේ ඉහල වර්ධනයක් ඉදිරියේදී සිදුවුනු ඇතැයිද විශ්වාසය පල කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මහින්ද කියන නමට තිබ්බ වෛරය නිසා මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කළා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(06.12.2019 – 17:26 +0530 – sinhala.adaderana.lk)

රටේ සංවර්ධන සඳහා මත්තල ගුවන්තොටුපොළ දායක කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මත්තල ගුවන් තොටුපල පසුගිය වසර 2 හමාරේ දීම රජයේ අවධානය යොමු නොවන බවයි.

ඔවුන් එයට යොදවා ඇත්තේ මහජන මුදල් බව වටහා ගත්තේ නැතැයි ද පැවසු අමාත්‍යවරයා, පසුගිය රජය විසින් දේශපාලන පළිගැනීම් කිරීමට මහින්ද රාජපක්ෂ කියන නම සමඟ තිබු වෛරය නිසාවෙන් ගුවන් තොටුපල ඇතහැර වී ගබඩාවක් බවට පත් කළ බවත් කියා සිටියේය.

වත්මන් රජයේ ඉලක්කය වන්නේ සංචාරකයින් මිලියන 10 ක් ගෙන්වා ගැනීම වන බවත් පැවසු අමාත්‍යවරයා, කොළඹ ගුවන් තොටුපල ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් පැවසීය.

හම්බන්තොට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් වන නිසාවෙන් මත්තල ගුවන් තොටුපලේ වැඩි ඉඩ කඩක් වෙන් කරන්නේ නම් ගුවන් මගීන්ට කොළඹට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණීම පහසුවක් වන බවත් කියා සිටියේය.

***************************************

දොස්තරලා නැති රෝහලක් – මස්කෙළිය ප්‍රාදේශීය රෝහල

(06.12.2019 – 17:06 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත දෛනිකව ප්‍රතිකාර සඳහා රෝගීන් 200 ක් පමණ පැමිණෙන අතර සායන පැවැත්වෙන දිනයන්හීදි එය ඊට ඉහල අගයක් ගනී.

නමුත් රෝගීන් පවසන්නේ ප්‍රතිකාර සඳහා පැමිණියද රෝහල තුළ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැති බවයි.

රෝහලේ වෛද්‍යවරැන් 5 දෙනකු සේවය කළ යුතුව තිබුනද මේ වන විට සේවයේ යොදවා ඇත්තේ වෛද්‍යවරැන් තිදෙනෙකු පමණයි.

එම නිසා ප්‍රෙද්ශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම වෛද්‍ය හිගයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

***************************************

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි

(06.12.2019 – colombotoday.com)

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (5) කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

මුස්ලිම් අන්තවාදී කල්ලි පිළිබඳව ඥානසාර හිමියන් සතු සාක්ෂි සාධක ඉදිරියේදී කොමිෂන් සභාව හමුවේ හෙළි කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ සඳහන් කර සිටියා.

මෙහිදී මාධ්‍ය ඇමතු පූජ්‍ය ඥානසාර හිමි :

***************************************

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි

(06.12.2019 – colombotoday.com)

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (06) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සෞදි ධන කුවේරයෙකුගේ ආධාරයෙන් ඉස්ලාමීය ශාරියා නීතිය ඉගැන්වීම සදහා මඩකලපුව, පූනානි හි ඉදිකල එම විශ්ව විද්‍යාලය පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක් විය. බොහෝ පාර්ශවවල ඉල්ලීම වී තිබුණේ අදාල විශ්ව විද්‍යාලය තහනම් කිරීමට හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කරගැනීමට කටයුතු කරන ලෙසයි.

අද (06) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පහත කරුණු කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර තිබේ.

තාක්ෂණය මුල්වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමුකිරිමේ ඇති වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරිමට කඩිනමින් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

2018 වසරේ උසස්පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටිකාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුව තිබේ. එමෙන්ම කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රමබලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරිම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගාසිටුවීමට කි‍්‍රයා කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්විය. ඒ සඳහා විශාල භූමිභාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටිකාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික කි‍්‍රයාවලියට එක්කර ගැනීමද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමටකි‍්‍රයා කළ යුතුය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව ද මෙහිදී සාකච්ජාවට ගැනිණි ෴

***************************************

සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි

(06.12.2019 – 22:21 +0530 – lankadeepa.lk)

පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමි පැවැසූහ.

සෝමාවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමි මහනුවර සිට පැමිණ ගංවතුරට කොටු වී සෝමාවතිය පුද බිමේ සිටින ස්වාමින් වහන්සේලා සහ සේවකයින් සඳහා අවශ්‍ය ආහාර පාන බෝට්ටු මගින් රැගෙන යෑමට කටයුතු කළහ.

සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව පවති.

පුදබිම වෙත ආහාර පාන සහ සියලු ගමන් බිමන් යුද හමුදාව , පුලස්තිපුර පොලිසිය සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබයි.

වෙනදා මෙන්ම සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

***************************************

බ්‍රිතාන්‍ය ජාතික සංචාරක යුවළට කාර් එක තල්ලුකරන්න කියා මහමග දමා දේපළ අරන් පළාගිය රියදුරා

(06.12.2019 – gossiplankanews.com)

ඇල්ල ප්‍රදේශයේ සිට කතරගම තෙක්‌ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක යුවළක්‌ ප්‍රවාහනය කරමින් සිටි කුලී රථයක රියදුරෙකු එම යුවළ මහ මග දමා, ඔවුන් සතු දේපොළ ද රැගෙන පලායැමේ පුවතක්‌ වීරවිල පොලිසියෙන් වාර්තාවී තිබේ.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය. එම යුවළ ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇල්ල ප්‍රදේශයේ හෝටලයක නතරවී සිට ඇත. එහි සිට කතරගම යැමට කුලී මෝටර් රථයකින් පැමිණ තිබේ. වීරවිල වැව් කණ්‌ඩිය මතදී කාර්මික දෝෂයකට ලක්‌ව මෝටර් රථය නතර වී තිබේ. එය පණ ගැන්වීමට රියදුරා ගත් උත්සාහය අසාර්ථක විය. එවිට රියදුරා එම යුවළට පවසා ඇත්තේ රථයෙන් බැස එය ඉදිරියට තල්ලු කරන ලෙසයි. රියදුරා කී පරිදි බිමට බැස රථය තල්ලු කරන විට එය පණ ගැන්වී ඇත. බිම සිටි යුවළ යළි රථයට නංවානොගෙන ඔවුන් එහි දමා රියදුරා රථය නොනවත්වා පලා ගොස්‌ තිබේ. රථය තුළ එම යුවලට අයත් රු.දශලක්‍ෂයකට අධික වටිනා මුදල් හා දේපොළ තිබී ඇත.

සංචාරක යුවළ මේ පිළිබඳ වීරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙතෙක්‌ රියෑදුරා හෝ රථය අත්අඩංගුවට ගෙන නැත. මෝටර් රථයේ කාර්මික දෝෂය, මෙම මංකොල්ල කෑම සිදුකිරීම සඳහා රියදුරා විසින් හිතා මතා ව්‍යාජ ලෙස කරන ලද රංගනයක්‌ දැයි පොලිසිය සැක කරයි. පරීක්ෂණ තවදුරටත් සිදුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *