‘ස්විස් එම්බසි’ සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

(10.12.2019 – 13:20 +0530 – lankacnews.com)

තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත.

කැලණියේ උපන් ඇය දැන් ‘ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්’ නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ‘ශ‍්‍රියාලතා පෙරේරා’ යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි.

උපතින් සිංහල ජාතික කාන්තාවක් වූ ඇය පසුව නම වෙනස් කරගෙන මූලධර්මවාදී ආගමකට එක්ව ඇති බවද සදහන්ය ෴

+++++++++++++++++++++

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඊයේ (16.08.2018) ප්‍රකාශයක් ලබා ගත්තේය. (girayanews.com)

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය, තුන් වන දිනටත් සී.අයි.ඩීයට

(10.12.2019 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට බඳවා ගත් දේශීය නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුන්වන දිනටත් මේ වනවිට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

ඒ සඳහා ඇය ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට අයත් රථයකින් අද (10) පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය ඊයේ (09) දෙවන දිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

පෙරේදා මුල්වරට ඇය මෙම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කරනු ලැබූ අතර එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනයේදී මෙම කාන්තාවගෙන් පැය 9 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව ඇයට විදෙස්ගතවීමට පනවා තිබූ තහනමද අනිද්දා (12) දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර, තමන් ස්විට්සර්ලන්ත තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාවගේ නියෝජිතයෙකු බවට අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මුල් දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන් මංජුල පෙරේරා නැමැත්තා තම පුත්‍රයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරා ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, තමන් මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මංජුල පෙරේරා නැමැත්තා බාන්ස් පෙදෙසේ ලිපිනයක් සඳහන් කරමින් මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ මෙම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වන බැවින් ඊට සහභාගිවීමට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, ඊයේ (09) දිනයේදී මාධ්‍යවේදීන් අදාළ නිවස වෙත ගිය ද පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාව හෝ මංජුල පෙරේරා නැමැත්තා එහි රැදී සිටියේ නැහැ.

+++++++++++++++++++++

Mrs. Way-Sir-Bell-Lea

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අදත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට

(10.12.2019 – 14:57 +0530 – sinhala.adaderana.lk)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරීනිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයෙන් පිටව ගොස් තිබේ.

පැහැර ගත් බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරීනිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය වෙත දෙවන දිනටත් ඉදිරිපත් කර ඇත.

අදාළ නිලධාරිනිය තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති අදාළ කාන්තාව අද (10) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර මීට ටික වේලාවකට පෙර ඇය සිය ප්‍රකාශය ලබා දීම අවසන් කර ඇති බවයි අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.

ඒ අනුව අද (10) දිනයේ ද එම කාන්තාවගෙන් පැය 04 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පළමු වරට පසුගිය 08 වනදා එම නිලධාරිනියගෙන් ප්‍රකාශසටහන් කර ගැනුනු අතර ඊයේ දිනයේ දි දෙවන දිනටත් ඇයගෙන් පැය 5 කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කටයුතු කරතිබුණි ෴

+++++++++++++++++++++

අසත්‍ය ප්‍රචාර වපුරා ශ්‍රී ලංකාවේ නම කැත කිරීමට උත්සාහ දැරූ ස්විස් තානාපතිට වැඩ වරදියි ?

(10.12.2019 – nethnews.lk)

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වූවා යැයි චෝදනා එල්ල වී සිටින මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා ආපසු හරවා යැවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

තමන් විසින් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාවක් වූ ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙරට ස්විස් තානාපතිවරයා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් එරට රජයේද අවදානයට යොමු වී තිබෙන බව වාර්තා වේ.

ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

තමන් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ශ්‍රියාලතා පෙරේරා පසුගිය දෙදින තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දී තිබෙන අතර එහිදි ඇය ගේ කට උත්තර දැඩි ලෙස පරස්පර විරෝධි බව ආරංචි මාර්ග සඳහන් කරනවා ෴

+++++++++++++++++++++

පසුගිය වසර 2 දී ලංකාවේ 642 කට දේශපාලන රැකවරණ යටතේ ස්විට්සර්ලන්ත වීසා ලැබිලා

(10.12.2019 – nethnews.lk)

ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව ‘යුතුකම කේන්ද්‍රය’ සඳහන් කරයි.

මීට අමතරව තවත් දෙදහස් හාරසිය දහ අටක් ස්විට්සර්ලන්තයට යෑම සඳහාම අයදුම්පත්‍ර යොමුකර තිබෙන බවට වාර්තාවන බවත්, මේ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් එම සංවිධානයේ අනුශාසක පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ අවධාරණය කළහ.

ඊයේ (09 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයට ගොස් සිටින විශාල පිරිසක් උතුරු ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් බවයි.

ස්විස් තානාපති කාර්යාලය විසින් ජිනීවා සමුළුවට අවශ්‍ය තොරතුරු එකතු කරමින් තිබෙන බවත්, නිශාන්ත ද සිල්වා පොලිස් නිලධාරියා විදේශ ගතවීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව සමාජ ප්‍රතිවිරෝධයක් ඇතිවීම වසා ගැනීමට කෘතිමව ප්‍රශ්නයක් නිර්මාණය කළ බවත් පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ පවසා සිටියහ.

උතුරේ පිරිස් දේශපාලන රැකවරණය මත විදේශ ගතවීමේදී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ අත්සන සහිත ලිපියක් හා උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක නිර්දේශයක් අවශ්‍ය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ ෴

***************************************

ලබන අඟහරුවාදා (17) පෑලියගොඩ, වත්තල, ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

(10.12.2019 – 16:57 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 17 වනදා අඟහරුවාදා උදෑසන 8 සිට පැය 24 ක කාලයක් පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, කැළණිය, බියගම ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක – සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනු ඇති. එමෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගනේමුල්ල, රතුපස්වල, පියරතන මාවත, යාගොඩ, ඉඹුල්ගොඩ, එඬේරමුල්ල, කෑරගල, දොම්පේ, දෙකටන, දෙල්ගොඩ, මල්වාන, ඇළකන්ද, මාබෝල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ෴

***************************************

අලුත්ගම හිරු මාධ්‍යවේදියාට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

(10.12.2019 – 15:44 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම හිරු මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් පහරදීම සිදුකළ දිනයේ ප්‍රදේශය අතහැර පළා ගොස් තිබූ අතර, තිස්සමහාරාම සහ මතුගම ප්‍රදේශවල රැදී සිටියදියි අත්අඩංගුවට ගැනුනේ.

මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පසුගිය 6 වනදා පහර දී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය ඔක්තෝම්බර් මස සිදුකළ කෘත්‍රිම රා නිපදවීමේ ස්ථානයක් වැටලීම සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් මුල් කරගනිමින් ෴

***************************************

ෂාෆිගේ සැත්කම්වලින් මව්වරුන් වඳ භාවයට ලක්වීම ගැන වාර්තාවක් ලැබිලා

(10.12.2019 – 14:16 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මෙහොමඩ් සාෆි විසින් වඳභාවයට පත්කරන ලද බව කියන මව්වරුන්ට සාධාරණය ඉටුකෙරෙන දිශාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ලෙස යුක්තිය උදෙසා වෘත්තීය සමිති සන්ධානය ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි නියෝජිතයන් අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පැවති ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල විමර්ශන ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කළ බවයි.

මෙම චෝදනාවට අදාල පැමිණිල්ලේ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන 12 වැනිදායි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මේ බව පැවසීය.

“මට විරුද්ධව තාමත් පරීක්ෂණ කරනවා. සාෆි වෛද්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගෙනල්ලා මට විරුද්ධව ප්‍රකාශයක් ලබා ගෙන. ඇප පිට සිටින විත්තිකරු ප්‍රධාන සාක්ෂිකරුට කරන බලපෑම. මේ සියල්ල පසුගිය ආණ්ඩු සමයේ වුණේ. අපිට තිබුණේ රාජ්‍ය මර්දනයක්.

අපිව අත්අඩංගුවට ගැනීමේ සැලසුම් හදලා . ශානි අබේසේකර, තිසේරා එය මෙහෙයවූවා. පැමිණිලි 850 ක් CID යට ඉදිරිපත් වෙලා තිබුණා. CID ය එම පැමිණිලි විභාග කරනවා වෙනුවට. විත්තිකරු නිදහස් කරන්න පරීක්ෂණ මෙහෙයවූවා. අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා. මව්වරුන්ට තාම යුක්තිය ඉෂ්ටවෙලා නෑ. යුක්තිය ඉෂ්ටවෙන දිසාවට CID ය හා නීතිපති දෙපාර්තමේන්තුව යොමු කරන්න”

***************************************

හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට පහරදුන් කඩවත මැරයෝ

(10.12.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කඩවත ප්‍රදේශයේ ඉන්ධන හලක් පිටුපස නිවෙස්වල ඇති ළිං ජලයට පෙට්‍රල් මුසුවීමක් සම්බන්ධව වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරුට ඉන්ධන හලේ සේවකයන් දෙදෙනෙකු පහර දී තිබෙනවා.

කඩවත පොලීසිය ඉදිරිපිට ඇති මෙම ඉන්ධන පිරවුම්හලේ භූගත ගබඩා තුළින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට ප්‍රදේශවාසීන් පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ ළිං ජලයේ සාම්පල ලබා ගත්තා.

මෙම ළිං ජලය ක්ෂණිකව ගිනි ගන්නා තත්ත්වයකටම පෙට්‍රල් මුසුව තිබෙන අයුරු මෙලෙස දැකගත හැකි වුණා.

මේ පිළිබඳව විමසීම සඳහා හිරු රාගම ප්‍රාදේශීය මාධ්‍යවේදී සමන් හෙට්ටආරච්චි මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අදාළ ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ එහි සිටි සේවකයින් පිරිසක් මෙලෙස බාධා කළා.

පසුව අප ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ කැමරාව පැහැර ගැනීමට තැත් කළ සේවකයන් ඔහුට පහර දුන්නා.

මේ පිළිබඳව කඩවත පොලීසියට පැමිණිලි කළ අතර පහරදීම සම්බන්ධ ඉන්ධන හලේ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් හෙට (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

අන්ත දුෂිත ස්වර්ණවාහිනී ගනුදෙනුව ගැන හෙළිදරව්වක්

(10.12.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. අරමුදල් මගින් මෙහෙයවන ලයිකා මොබයිල් නම් විදේශීය ආයතනය මෙරට මාධ්‍ය ආයතනයක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිටුපපස එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින බැවින් ඒ සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වහා විමර්ශන කළයුතු බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Sriyaalatha = Garnia Bannister Francis …………… hahahaha………… mae nona diga kaalayaka sita meyaage swiss visa eka ganna plan karala thiyena bawa methaninma penenawa. Sinhala, plain old, sarala nama swiss ratata obinne nathi nisaa eka europaa namakata hema maarukarala, passport ekath aragena, swiss ambassador ge saha swiss ratey rajyaye aeswalata miris gahala andha karala, nathi pahara ganeemak mawaapaala, anukampaawak athikara, prasnayak nathuwa deerga kaaleena visa ekak ganna thama mae wedaya karala thiyenne. Oya manjula perera kiyana haadayada meyaage samiyaa, UNP Bevan pererage puthraya. Mata penena widihata ae gollath suitcase pack karala pawula pitinma visa aran ratin paninna baluwe kala dutu kala wala ihagan kiyana kathaawata samakarana upparawattiyak gahala. Araajithayath mekata hawul welaa thiyenne outath kala dutukala uge wala ihaganna oney unu nisa, nathnam oka kohomada danney, pistola kathaawa, kate ebuwada, wena thanaka ebuwada kiyala. Daen swiss thanaapathitath yanna thanak nathuwa athineda karagaththa gon waedeta. Mun okkoma allala hirabarayata aran neethiya anuwa barapathala waeda athuwa avurudu 10 ta wath mun okkoma walikada hira gedara damiya yuthuya.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *