අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කරයි

(11.12.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

අමාත්‍ය ධුර 29 කට අයත් අදාල විෂයපථයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පැවැති රාජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ විෂයපථයට ඇතුළත් කර තිබේ.

1990 සුවසැරි පදනම අදාල ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලට සහ ජාතික ලොතරැය මණ්ඩලය මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ විෂයපථයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම සේවා ආර්ථසාධක අරමුදල නිපුනතා සංවරධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි :

2153-12_S by Prageeth Karunasinghe on Scribd

***************************************

මූලධර්මවාදී කුමන්ත්‍රණයක් ගැන උඩුවේ හිමියන් හෙළි කරයි

(11.12.2019 – 19:13 +0530 – hirunews.lk/sinhala)

රට විනාශ කිරීමට මූලධර්මවාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (11) පැවති අමාදම් සිසිලස ධර්ම දේශනාව සිදුකරමින්.

මේ අතර, සිරිපා වන්දනා සමය ද උඳුවප් පොහොය යෙදෙන අදින් ආරම්භ වුණා.

ඒ, පැල්මඩුල්ල – ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර අද (11) අලුයම ශ්‍රීපාද උඩ මළුවට වැඩම කරවීමෙන් අනතුරුවයි.

එසේම, ශ්‍රී පාදය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තායිලන්තයෙන් වැඩම කරවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද අද (11) සිදුකෙරුණේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

***************************************

කුරුණෑගල සිසේරියන් සාපියා අධිකරණයට පැමිණෙයි

(12.12.2019 – 10:08 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 9.45 ට පමණ ඔහු අධිකරණ භූමියට පැමිණි බවයි.

අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

+++++++++++++++++++++

සාෆිට එරෙහි නඩුවේ යළි ප්‍රකාශ සටහන් කරගැනීමට සී.අයි.ඩී.යට අවසර

(12.12.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) අවසර ලබාදුන්නා.

ඒ, අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා එල්ල සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යළි සිදුකරන බවයි.

ඒ අනුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 16 වනදා කැඳවීමටයි නියෝග කළේ ෴

***************************************

වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල අර්බුදයක

(12.12.2019 – 07:22 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ගම්මාන 20 ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගන්නා පොළොන්නරුව – ඇලහැර – දියබෙදුම ප්‍රාථමික රෝහලේ ප්‍රතිකාර කටයුතු අත්හිටුවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් සඳහන් කළේ නේවාසික රෝගීන් රෝහලට බාර ගැනීම සහ බාහිර රෝගී අංශයේ කටයුතු කිසිවක් මේ වනවිට සිදු නොවන අතර සායනික කටයුතු පමණක් ඊයේ (11) දිනයේ සිදු වූ බවයි.

වෛද්‍යවරුන් 4 දෙනෙකු සිටි රෝහලේ මේ වනවිට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණක් බවයි ඔවුන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එස්. ඒ. ජයසිංහ මහතා කියා සිටියේ රෝහලේ සිටි වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයෙකු සේවය හැර ගොස් ඇති අතර, අනෙක් වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලැබ ඇති බවයි.

එම ස්ථාන මාරුව තමන් අනුමත නොකළ ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ උපදෙස් මත එය ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, අනෙක් වෛද්‍යවරයාට දිවා රාත්‍රි සේවය කළ නොහැකි බැවින්, තමන් සායනික කටයුතු පමණක් පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන් බවයි වෛද්‍ය ඩී. එස්. ඒ. ජයසිංහ මහතා කියා සිටියේ ෴

***************************************

පසුගිය සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුව ඇත්නම් ඊට වගකිව යුතු පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි – මහාචාර්ය රොහාන් ගුණරත්න

(11.12.2019 – 20:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුව ඇත්නම් ඊට වගකිව යුතු පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව, ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

***************************************

MCC ගිවිසුම ගැන ඇමති විමල්ගෙන් සහතිකයක්

(11.12.2019 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (11) පස්වරුවේ වියත් පවුර මධ්‍යම කාරක සභාවේ රැස්වීමට එක්වෙමින්.

වියත් පවුර සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අද (11) පානදුර ප්‍රදේශයේ පැවැති අතර ඊට අමාත්‍ය විමල් වීරවංශ මහතාද එක්ව සිටියා.

***************************************

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් වාද්දුවේදී ගුටිබැට හුවමාරුවක

(11.12.2019 – 19:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වාද්දුව – තල්පිටිය ප්‍රදේශයේ රැස්වීමක් ඇමතීම සඳහා ඊයේ (10) පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුණා.

ඒ, එම රැස්වීමට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කිරීමත් සමඟයි.

එහිදී රැස්ව සිටි පිරිස සහ හිටපු ආණ්ඩුකාරවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුව තිබෙනවා.

තල්පිටිය ප්‍රදේශයේ නිවසක සංවිධාන කර තිබූ සිය ආධාරකරුවන්ගේ හමුවකට හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඊයේ (10) පස්වරුවේ එක්වූ අතර, ඔහු පැමිණෙන මාර්ගය අවහිර කළ පිරිසක් හිටපු ආණ්ඩුකාරවරයාට සිය විරෝධය පළ කළා.

මේ සම්බන්ධයෙන් අප වාද්දුව පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි නිලධාරියෙකු සඳහන් කළේ එවැනි ගැටුමක් ඇති වූ නමුත්, සිද්ධිය පිළිබඳව මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

***************************************

පෙරලිය රැක ගත යුතුයි – රට රකින ජන හඬ

(11.12.2019 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කැපකිරීම් මතින් රට තුල සිදුකළ පෙරළිය රැක ගතයුතු බව රට රකින ජන හඬ සංවිධානය පවසනවා.

එහි සභාපති මණ්ඩලයේ සාමාජික ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ එම සංවිධානය නාරාහේන්පිට – අභයාරාම විහාස්ථානයේ අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට පාමංකඩ පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් සහ පැවිදි හඬ සංවිධානයේ සභාපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් ද එක්ව සිටියා.

***************************************

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ජෙනරාල් දයා රත්නායක

(12.12.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා.

ඔහු 2013 වසරේ අගෝස්තු 15 වනදා සිට 2015 වසරේ පෙබරවාරි 21 දක්වා විසිවන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

***************************************

සාෆිට එරෙහි නඩුවේ යළි ප්‍රකාශ සටහන් කරගැනීමට සී.අයි.ඩී.යට අවසර

(12.12.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) අවසර ලබාදුන්නා.

ඒ, අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා එල්ල සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යළි සිදුකරන බවයි.

ඒ අනුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 16 වනදා කැඳවීමටයි නියෝග කළේ ෴

***************************************

ජාතික පාසල් ගණන 1000 දක්වා වැඩි වෙයි

(12.12.2019 – 12:11 +0530 – sinhala.adaderana.lk)

මෙරට පාසල් පද්ධතිය තුළ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා ඉහළ නැංවිමට රජය තීරණය කර ඇත.

අදාල පාසල් හඳුනා ගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කර ඇති බව අද (12) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

නිදහස් හා සම සාධාරණ මෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් සෑම දරුවෙකුටම ලබා දීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

එහිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පහසුකම්වලින් අංගසම්පූර්ණ පාසල් 3 බැගින් සංවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

පසුව එම පාසල්, ජාතික පාසල් ලෙස උසස් කිරීම තුළින් ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එසේම සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික ඉගෙනුම් අවස්ථා සහිත සියලු පහසුකම්වලින් සමන්විත ජාතික පාසල බැගින් ආරම්භ කිරීමටත්, ඉදිරි වසර 2 ක තුළ දී එවැනි පාසල් 20 ක් ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව යෝජිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම උසස් පෙළ විභාගය සඳහා ක්‍රියාත්මක ඉසෙඩ්ස්කෝ ක්‍රමවේදය 2021 වසරේ සිට වෙනස් කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව එම මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *