හිටපු අමාත්‍ය පාඨලි චම්පිකයා ‘සරල රිය අනතුර’ට අදාළව අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු අමාත්‍ය පාඨලි චම්පිකයා ‘සරල රිය අනතුර’ට අදාළව අත්අඩංගුවට (විඩියෝ)

• පාඨලීගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම අරඹයි

• හිටපු අමාත්‍ය චම්පික රණවක හෙට (19) දක්වා රිමාන්ඩ් (විඩියෝ)

• ඇසින් දුටු සාක්‍ෂි නිෂ්චිතයි.. රියදුරත් පාපොච්චාරණය කර සාක්‍ෂි දෙන්න යයි.. අපරාධකරු චම්පිකයි.. නීතිය තිතටම.. (විඩියෝ)

• හිටපු අමාත්‍ය පාඨලී චම්පික 24 දක්වා යළි රිමාන්ඩ් (විඩියෝ)

• හිටපු අමාත්‍ය පාඨලී දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ් (විඩියෝ)

• මාධ්‍යවේදියෙකුට පහරදුන් කැළණිය එජාප හිටපු සංවිධායකවරයාගේ පුත්, මංජුල පෙරේරා අත්අඩංගුවට (විඩියෝ)

• මාධ්‍යවේදියකුට පහර දුන්නැයි බෙවන්පුත්‍ර මංජුල පෙරේරා අත්අඩංගුවට

• චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන ප්‍රසන්න රණතුංග හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

• චම්පිකට මිනී මැරුම් චෝදනා.. සාක්‍ෂිකරු සූදානම්..

• 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

• බඩු මිල බලන්න ආර්ථිකයට හදිසියේ ගිය ජනපති (විඩියෝ)

• වංචනික වෙළෙඳුන්ට නීති දැඩි වෙයි

• ස්විස් තානාපති සේවිකාව යළිත් විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලය හමුවට

• මඩකලපුව සරසවිය ගැන පැමිණිලි විභාග නොකිරීම පිළිබඳ විමසීමට රතන හිමි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (විඩියෝ)

• එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

+++++++++++++++++++++++++++++++++++

හිටපු අමාත්‍ය පාඨලි චම්පිකයා ‘සරල රිය අනතුර’ට අදාළව අත්අඩංගුවට

(18.12.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මීට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වන්නේ –
1. නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ
2. මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම

බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනිය වැඩිදුරටත් අද දෙරණට සඳහන් කළේය.

රාජගිරියේ සිදුවු රිය අනතුරට අදාළව පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දර්ශන ඔහුගේ මාධ්‍ය ලේකම්වරයාගේ ෆේස්බුක් ගිණුමට නිකුත් කර තිබුණි.

https://www.facebook.com/madyawediya/videos/2664130486967852/
https://www.facebook.com/badumathamaweb/videos/2895472767162436/

+++++++++++++++++++++

පාඨලීගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම අරඹයි

(18.12.2019 – 21:00 +0530 – lankaleadnews.com)

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී අද (18) පස්වරුවේ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගන්නා ලදී ෴

+++++++++++++++++++++

හිටපු අමාත්‍ය චම්පික රණවක හෙට (19) දක්වා රිමාන්ඩ්

(18.12.2019 – 22:50 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට(19) දිනය දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද (18) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේය.

පසුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇසින් දුටු සාක්‍ෂි නිෂ්චිතයි.. රියදුරත් පාපොච්චාරණය කර සාක්‍ෂි දෙන්න යයි.. අපරාධකරු චම්පිකයි.. නීතිය තිතටම..

(18.12.2019 – 22:12 +0530 – lankacnews.com)

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.

චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.

අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.

මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.

ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත ෴

+++++++++++++++++++++

19-12-2019

+++++++++++++++++++++

හිටපු අමාත්‍ය පාඨලී චම්පික 24 දක්වා යළි රිමාන්ඩ්

(19.12.2019 – 11:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී හිටපු අමාත්‍යවරයාගේ නීතීඥයින් ඇප ඉල්ලීමක් සිදුකළ නමුත් ඊට නීතිපතිවරයා විරුද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබන 24 වනදා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත්තේ.

+++++++++++++++++++++

හිටපු අමාත්‍ය පාඨලී දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

(19.12.2019 – 11:59 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අතිරේක මහේස්ත්‍රාත් නෙරංජන් ද සිල්වා මහතා නියෝග කළ බව ‘අද දෙරණ’ වර්තාකරු පැවසුවේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (18) පස්වරුවේ පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරිම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලායාමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබූ අතර පසුව ඊයේ (18) රාත්‍රි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජන් ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණි.

ඒ අනුව අද (19) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරින් විසින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් ඔහුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී අධිකරණය දැනුම්දී ඇත්තේ ඇප ඉල්ලීමට අදාල නියෝගය පසුව ලබා දෙන බවයි.

සිදු කරන පරික්ෂණ මුල් අවස්ථාවේ පවතින බැවින් සහ නීතිමය තර්ක රැසක් ඉදිරිපත්ව ඇති බැවින් පාඨලී චම්පික රණවක මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියම කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය පැවසුවේය.

මේ අතර ආණ්ඩුව දේශපාලන පළිගැනීම් ආරම්භ කර ඇති බව මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදියෙකුට පහරදුන් කැළණිය එජාප හිටපු සංවිධායකවරයාගේ පුත්, මංජුල පෙරේරා අත්අඩංගුවට

(19.12.2019 – 12:43 +0530 – hirunews.lk/sinhala)

කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත්, මංජුල පෙරේරා කෙසෙල්වත්ත පොලීසිය මගින් අද (19) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අද (19) දිනයේ හිටපු අමාත්‍ය, පාඨලී චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවටයි.

පැහැරගත් බව කියවුණු ස්විස් තානාපති කාර්යාල නිලධාරීණියගේ සිද්ධියේදී මාධ්‍ය වෙත පැමිණ අදාළ කාන්තාව ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණේ ද මංජුල පෙරේරා විසින්.

+++++++++++++++++++++

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි බෙවන්පුත්‍ර මංජුල පෙරේරා අත්අඩංගුවට

(19.12.2019 – 13:53 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

ලේක් හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද (19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදී ගයාන් මහතා කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන ප්‍රසන්න රණතුංග හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

(18.12.2019 – 18:48 +0530 – lankacnews.com)

පාඨලි – රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

පසුගිය ආණ්ඩුව මෙන් ඒ සදහා නීතිය නැමීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැති බවත් පවතින නීතිය යටතේ මේ සම්බන්ධව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නීති අංශ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරබ බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

අද (18) උඩුගම්පල දි මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

පාඨලි චම්පික ඇමතිවරයා විකෘති මානසික තත්ත්වයෙන් පෙලෙන්නෙකු බව පැවසු රණතුංග මහතා ඔහුට සමීප කාන්තාවකගේ උවමනාවට තමුන්ට එරෙහිව ද නඩුවක් පැවරු බව හෙළි කළේය.

තමන් පදංචිව සිටින නිවස රජයට අයත් බව පවසා පසුගිය වසරේදි නඩුවක් පැවරු බවත් එම නඩුව නාගරික සංවර්ධන අධිකාරය හරහා පැවරුණු බවත් රණතුංග මහතා කීවේය. එම නඩුව පැවරීම පිටුපස සිටියේ පාඨලි චම්පික ඇමතිවරයා බව පෙන්වා දුන් රණතුංග මහතා පාඨලි ඇමතිවරයාට අවශ්‍ය වුයේ තමන්ගෙන් පළිගැනීමට බව ද කීවේය.

යහපාලන ආණ්ඩුව යහපාලන වචනයට මුවා වී ගෙන ගියේ ජඩ දේශපාලනයක් බවත් පාඨලි – රාජිත යන ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප ඊට හොදම උදාහරණ බවත් රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

රටක නීතියක් පවතින බව පෙන්වා දුන් රණතුංග මහතා පසුගිය ආණ්ඩුව සමයේ නීතිය වල් වැදි තිබු බවත් පාඨලි චම්පිකලාට රාජිත සේනාරත්නලාට අවශ්‍ය පරිදි නීතිය නැමුණු බවත් කීවේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රට තුළ විනය හා නීතිය යළි ස්ථාපිත වෙමින් පවතින බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++

චම්පිකට මිනී මැරුම් චෝදනා.. සාක්‍ෂිකරු සූදානම්..

(18.12.2019 – 10:00 +0530 – lankacnews.com)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ රහස් පොලිසිය වෙත පැමිණිලි කරන බව ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු වූයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වගකිව යුත්තේ චම්පික රණවක මහතා බවද ඔහු සඳහන් කළේය.

මේ සඳහා සාක්ෂිකරුවෙක් ලෙස සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.

හිටපු ඇමතිවරයාගේ විකෘති ලිංගික චර්යාවන් ගැන දීර්ඝ ලිපියක් පල කලේ යයි එක්නැලිගොඩ ඝාතනය වී ඇතැයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය ෴

***************************************

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(18.12.2019 – 18:34 +0530 – hirunews.lk/sinhala)

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ මෙම කඩඉම් ලකුණු මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරන ආදර්ශ අයදුම්පත භාවිතයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.

නිවැරදිව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලබන වසරේ ජනවාරි 06 වනදා සිට 17 වනදා දක්වා කාලය තුල අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. යන ලිපිනයට යොමු කළ හැකියි.

+++++++++++++++++++++

2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු :

***************************************

බඩු මිල බලන්න ආර්ථිකයට හදිසියේ ගිය ජනපති

(18.12.2019 – 23:32 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ප.ව 7.30 ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ලබාදී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කෙරිණ.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගත් ජනාධිපතිවරයා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම්දුන්නේ ය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වංචනික වෙළෙඳුන්ට නීති දැඩි වෙයි

(19.12.2019 – 18:23 +0530 – sinhala.adaderana.lk)

සහල්, ලොකුළූණු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල වංචනික අයුරින් ඉහළ නංවන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

ඒ , ආහාරද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳ සොයාබැලිම සඳහා ඊයේ (18) රාත්‍රියේ නාරාහේන්පිට විශේෂ අර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුවයි.

සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිහෝගික කටයුතු අධිකාරිය පසුගිය දෙසැම්බර් 10 වැනිදා කටයුතු කළේය.

ප්‍රධාන සහල් සැපයුම්කරුවන් සමග සාකච්ජා කර, රට තුළ පවත්නා තොග තත්ත්වයද සහතික කර ගැනීමෙන් අනතුරුව මෙලෙස පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබූ අතර ප්‍රධාන වී මෝල් හිමියන් එම මිලට සහල් විකුණන බවටද සහතික වි තිබුණි.

රජය වැට් බද්ද සියයට 15 සිට සියයට 08 දක්වා අඩුකිරීම , සියයට 2 ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම මෙන්ම ආර්ථික සේවා ගාස්තුද ඉවත් කිරීම හේතුවෙන් වී මෝල් හිමියන්ට සහ වෙළෙදුන්ටද ප්‍රතිලාභ හිමිවන තත්වයක් නිර්මාණය වී ඇත.

එහෙත් පැනවූ උපරිම සිල්ලර මිලට වෙළෙඳසැල්වලින් සහල් ලබාගත නොහැකි බවට පාරිහෝගිකයන් මැසිවිලි නගයි.

මේ අනුව වැඩි මිලට සහල් විකිණීම පිළිබඳ සොයා බැලිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) රාත්‍රියේ නාරාහේන්පිට විශේෂ අර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වුණි.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගත් ජනාධිපතිවරයා සහල් සඟවා තබාගෙන කෘත්‍රිම ලෙස මිල ඉහළ දමන වෙළෙදුන්ට සහ ලොකු ළූණු ඇතුළු අනෙකුත් ආහාරද්‍රව්‍ය වංචනිකව මිල ඉහළ දමා අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දෙනු ලැබුවේය.

බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ වෙළෙඳපොළෙහි පවතින අනයනික ආහාරද්‍රව්‍ය පිළිබද වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කර්යාලය තමන්ට උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද මධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උපරිම සිල්ලර මිලට අලෙවි කළ හැකිවන සේ තමන් වෙළෙඳුන්ට සහල් නිකුත් කරන බවයි.

මෙවන් පසුබිමක උත්සව සමය තුළ ජනතාවට දැරිය හැකි මිලකට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ලංකා සතො දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් මේවන විට අරම්භ කර ඇත.

රුපියල් 98 ක් වූ උපරිම සිල්ලර මිලට වඩා අඩුමිලට සතොස ශාඛාවලින් සහල් අලෙවි කරනු ලබන අතර විවිධ සහල් වර්ග කිලෝග්‍රෑමය රුපියල් 74 ත් 92 ත් අතර මිල ගණන්වලට අලෙවි කිරීම සිදු කරනු ලබයි.

මේ අතර උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කිරීම පිළිබඳව වෙළෙඳුන් දැනුවත්කිරීමේ වැඩසටහනක් පාරිභෝගික කටයුතු අධිකාරීයේ නිලධාරීන් අද ආරම්භ කළ අතර එම නීතිය කඩකරන වෙළෙඳුන් සොයා හෙට සිට දිවයින පුරා වැටලීම් දියත්කිරීමට නියමිතයි ෴

***************************************

ස්විස් තානාපති සේවිකාව යළිත් විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලය හමුවට

(19.12.2019 – 07:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (19) යළි ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය වෙත රැගෙන ඒමට නියමිතයි.

ඒ විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහායි.

මෙම කාන්තාව පසුගිය සඳුදා මුල්වරට ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේදී විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයකට අනුවයි. ඇය එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් පසුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කෙරුණු අතර, ඉන් අනතුරුවයි ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත රැගෙන එනු ලැබුවේ.

පැය 5 කට ආසන්න කාලයක් එහි රැඳී සිටි තානාපති කාර්යාල නිලධාරිනිය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් පසුව අත්අඩංගුවට ගැණුනේ රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනාව මතයි. පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ ඇයව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කැෂිස් දැනුවත් කර තිබෙනවා.

ඊයේ (18) ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබුණා.

එහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාවලියද ජාත්‍යන්තර අධිකරණ ප්‍රමිතීන්ට අනුව සිදු කෙරෙන බවයි.

එමෙන්ම ඇයට ලබාදිය යුතු සියලු පහසුකම් හැකි උපරිමයෙන් ලබාදී ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජයද නිවේදනයක් නිකුත් කර තිබුණා ෴

***************************************

මඩකලපුව සරසවිය ගැන පැමිණිලි විභාග නොකිරීම පිළිබඳ විමසීමට රතන හිමි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

(18.12.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න සහ රවුෆ් හකීම්, අමාත්‍යවරුන්ව සිටියදී සිදුකළ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට වහාම දඬුවම් ලබාදියයුතු බවට සිවිල් සංවිධාන කිහිපයක් අද (18) පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

මේ අතර හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ එම්. එල්. එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ල මෙතෙක් විභාගයට නොගැනීම පිළිබඳ විමසීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් ලැබුණු ආකාරය සහ වියදම් කළ ආකාරය ගැටලු සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පවතින විමර්ෂන කටයුතු පිළිබඳ විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සිදු කර තිබූ පැමිණිල්ල පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා හමුවී විමසා තිබෙනවා.

මේ අතර සත්‍ය ගවේශකයෝ සංවිධානය, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවතින පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

මේ අතර රාගම වෛද්‍ය පීඨය සඳහා අවිධිමත් ලෙස සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිලි පිළිබඳ විමසීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සහ වියත්මග සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණියා.

***************************************

එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

(19.12.2019 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ එය අධ්‍යයනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක්ද නම් කර ඇති බවයි.

එමෙන්ම මාසිකව රුපියල් ලක්ෂ 241 ක් වැය කරමින් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Champika mathithumaa neethiya awabaawithaakaramin katti panimin siti bawa lankaawe kavuruth pvurudu 3k thisse danagena sitiya. Oya daen wenne thamaata amathi balakam nathi nisaa anthimata neethiye rahaneta asuweemai. criminal charge ekak nisaa arrest warrant ekak thiyenawanam monawatada parlimentuwata kiyamin inne, eke inneth thawa horu 224k ne. meya paliganeemak nowey, wenna thiyena deya kawadaa hari wenawa. Oka thamaa kiyanne vishunatawath rahugen berenna bari bawa, kala kam kawadaa hari pala denawaa, champika mathi thumaa eya danagena athi ada wath, eka soma himiyangen igena gaththe nathnam.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *