මගේ Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට විතරයි.. හිරුණිකා කෑගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. දෙස් දෙවෙල් තියයි..

(21.01.2020 – 22:12 +0530 – lankacnews.com)

තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් චෝදනාබර කතාවක් සිදුකරමිනි.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි.

තමන් දෙදෙනා අතර සිදුවු සංවාදයන් සංස්කරණය කර ඇති බවත් හිරු නාලිකාව විසින් මෙය සම්පූර්ණයෙන් ම සිදුකරන බවත් ඉරාජ් වීරරත්න මහතාගේ ශබ්දාගාරයේදී හඬ කැවීම් සිදු කර ඇති බවත් ඇය කියා සිටියාය.

හිරු නාලිකාවේ හිමිකරු රෙනෝද සිල්වා මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කරමින් ඇය කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සියලු හඬ පටන් ඔහු සතුව තබාගෙන ආණ්ඩුවේ විපක්‍ෂයේ මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණයම අල්ලේ නටවමින් සිටින බවයි.

ඉදිරි දිනයක එම හඬපට පාවිච්චි කරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ලංකාවේ අගමැති වීමට ද ඔහුට හැකියාව ඇති බව ඇය කියා සිටියාය.

කෙසේ නමුත් ඇයට අනුව රටේ අගමැති තීරණය කිරීම තරම් සමත් එම හඬ පට රන්ජන් රාමනායක මෙතෙක් දවස් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයේ මෙට්ටය යට තියාගෙන සිටියේ මන්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

එම හඬපටවලින් කිසිවෙකුට අගමැතිවීමට හැකියාව තිබුණේ නම් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටම එය පහසුරවෙන්ම කළ හැකිව තිබිණ.

හිරුණිකාගේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ ඉතා අප්‍රසන්න ප‍්‍රතිචාරයන්ය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මහින්ද අධිකරණයට බලපෑම් කලා.. හඬපට 07-08 ක් තිබෙනවා.. ගෝටාභයගේ හඬ පට එකක්වත් නෑ.. – රන්ජන් පාර්ලිමේන්තුව අමතයි..

(21.01.2020 – 15:55 +0530 – lankacnews.com)

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

තමන්ට එරෙහිව පැවති නඩුවකදී ඔහු තමනට උදවු කල බව කියූ හඬ පටයද ඇතැයි ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කිසිදු හඬ පටයක් තමන් සතුව නැති බවද ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන්ගේ හඬ පට සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටින බව කී ඔහු ඊට තමන් උපරිම සහාය දෙන බවද පැවසීය.

කෙසේ නමුත් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට කතා කල හඬ පට විනා අධිකරණයේ විනිසුරුවන්ට කතා කල හඬපට ඇති බව නොවේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන් රාමනායකගේ හිස මුඬු කළ පමණින් මානසික හා පෞරුෂ ආබාධ සුව වෙන්නේ නැහැ .. වහාම ප්‍රතිකාර ලබාදිය යුතුයි – ජාතික සංවිධාන

(21.01.2020 – 13:55 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හිස මුඩු කළ පමණින් ඔහු පෙළෙන මානසික සහ පෞරුෂ ආබාධ සුව නොවන බවත් ඔහුට වහාම ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රංගිරි රූපවාහිනි නාලිකාවේ ‘නින්නාද’ වැඩසටහනට සහභාගි වෙමින් වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය නිසා රටේ විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට සිදුවූ අනර්ථය ඉතා බරපතළ බවය.

රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා බහුවිධ පිය පියවර ගැනීම් ආණ්ඩුවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි .

https://www.facebook.com/LankaLeadNews/videos/211700603185036/

+++++++++++++++++++++

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

(21.01.2020 – 19:15 +0530 – sinhala.adaderana.lk)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකතන සංවාදයක නිරත වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇති බව අධිකරණ සේවා කොමිසම පවසයි.

එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණි.

මේ අතර එවැනිම සංවාදයක වීඩියෝ පටයක් හේතුවෙන් පසුගියදා වැඩ තහනමට ලක්වුණු බද්දෙගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන්නේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සංවාදයක නිරත වන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් වැඩ තහනමට ලක්වුණු බද්දෙගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (21) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන්නේය.

පස්වරු 2.15 ට පමණ එම කොට්ඨාසය වෙත පැමිණි ධම්මික හේමපාල මහතා පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශය ලබාදී පිටව ගියේය.

මේ වන විට හිටපු විනිසුරු පද්මිනි රණවක මහත්මිය මෙන්ම විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ ඔවුන් පැවැත්වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ වැඩ තහනම් කෙරුණේ අද (21) දිනයේදීයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම දැඩි දඩුවම් ලබාදෙන වරදක් – උදය ගම්මන්පිල

(21.01.2020 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ස්වාධීන අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට නම් ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම දැඩි දඩුවම් ලබාදෙන වරදක් ලෙස නීති ගත කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද හරහා ව්‍යවස්ථාදාවක සභාවට ද බලපෑම් එල්ල වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එහිදි පැවසීය.

අද (21) මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ පද්මිනි රණවක හිටපු විනිසුරුවරිය සම්බන්ධ හඬපටය පිළිබඳ අදහස් දක්වමින්.

එහිදි වැඩිදුරත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා :

“අගමැති ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්, මේ කියන්නේ එම සභාවට බලපෑම් කරන්න කියලා, කනිෂ්ඨ විනිසුරුවන් පත්කරන.

අධිකරණ සේවා කොමිසමට බලපෑම් කිරීම, වසර 3 ක් හිරේ යා හැකි වරදක්, ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම,මෙරට නීතිය අනුව වරදක් නෙමෙයි.

එය දැඩි දඩුවම් ලැබෙන වරදක් බවට නීතිගත කරන්න, විනිසුරුවරිය විශ්‍රාමික නිසා පියවර ගන්න බැහැලු, විශ්‍රාම වැටුප අඩුකරන්න, අහිමි කරන්න පුළුවන්”

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *