දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට අද (01) දහවල් පනවන ඇඳිරි නීතිය සඳුදා (06) තෙක් බලාත්මකයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට අද (01) දහවල් පනවන ඇඳිරි නීතිය සඳුදා (06) තෙක් බලාත්මකයි (විඩියෝ)

• ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක්

• සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට පෙර ලබා දීමට කටයුතු

• ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ අට හමාර ඉක්මවයි – මරණ 42107 ක්

• ණය සහන ලබා ගැනීමට බැංකුව අමතන්න

• ආයුර්වේදයෙන් කොවිඩ්-19 ධූමායනය හා ප්‍රතිශක්තිකරණ කසායක් (විඩියෝ)

• අන්තර්ජාලය ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු ඇරඹේ (විඩියෝ)

• කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය (විඩියෝ)

• සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති, ප්‍රවාහන ගැටලු පිළිබද, රජයේ අවධානය

• අකුරණ කොරෝනා රෝගියා ගිය තැන් සඟවයි.. ඒ අපේ ආගමේ හැටි යනුවෙන් කියයි

• කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගික මූලධර්ම ගැන ලෝක සම්මතයක් නැත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බිඳවැටීම නිසාය – කොරෝනා ගැන වෙනස් මතයක් (විඩියෝ)

• Cargills FoodCity Home Delivery Service , Keells Online and SPAR Online Shop

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට අද (01) දහවල් පනවන ඇඳිරි නීතිය සඳුදා (06) තෙක් බලාත්මකයි

(01.04.2020 – 09:28 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (01) උදේ 6.00 ට ලිහිල් කෙරුණු අතර, අද (01) දහවල් 2.00 ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මකව පවතී.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

+++++++++++++++++++++++++++++++++++

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක්

(01.04.2020 – 09:41 +0530 – sinhala.adaderana.lk)

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ.

එරට සේවය කරන එහෙත් නීත්‍යානු ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) ලක්ෂ 4 හා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3 බැගින් අයකෙරේ. තවද සාපරාධී චෝදනාවලට ලක්විසිටින ශ්‍රමිකයන්හට අදාළ චෝදනා සදහා නිතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව මෙම සමාව ගත හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරෝත්තු වන ශ්‍රමිකයින්ට තමන් ලෙබනන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එරටින් පිටවීමේ බලපත්‍රය (Exit Permit) ලබාගැනිමට පහසුකම් සලසා ඇත.

කොරෝනා වෛයිරසය රට තුල ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 15 සිට අප්‍රේල් 12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා ඇති (Lock Down) බැවින් තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට (Email) හෝ වට්ස්ඇප් ලිපිනයට යොමු කිරිමට එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දී තිබේ.

එලෙස ලබාදෙන තොරතුරු අධ්‍යනය කිරිමෙන් අනතුරුව ලෙබනනයෙන් පිටවීමේ බලපත්‍රය ලබාදිය හැකි අයවලුන්ව තානාපති කාර්යාලයේ ලියාපදිංචි කෙරේ.

එලෙස ලියාපදිංචි කල තොරතුරු ලෙබනන් රජයට ලබාදිමෙන් අනතුරුව පිටවීමේ බලපත්‍රය ලබාදිමට කටයුතු කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්තාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ හා ලෙබනනයේ ගුවන් තොටුපලවල් දෙරට අතර ගුවන් ගමන් සදහා විවෘත කිරිමෙන් අනතුරුවය.

කෙසේ වුවද කොරෝනා වෛයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශයන් හී සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම සදහා අවසර හිමිවන්නේ මෙරට සෞඛ්‍ය අංශ උපදේස් මත රජය විසින් ගනු ලබන තීරණ මතවේ.

තොරතුරු ලබාදිය හැකි මාර්ග :

Email : slemb.beirut@mfa.gov.lk

Tel / Whatsapp : 00961 76700657 / 00961 81363894

+++++++++++++++++++++++++++++++++++

සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට පෙර ලබා දීමට කටයුතු

(01.04.2020 – 09:12 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000 ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා සදහන් කළේ මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි.

එහි පළමු අදියර යටතේ රුපියල් 5000 ක දිමනාමක් සමෘද්ධිලාභින් සදහා මේ වන විටත් ලබාදීමට පියවර ගෙන ඇති බව සදහන්.

සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000 ක මුදල් වෙන් කර තිබේ.

මෙම සහන මුදල සදහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සදහා මාස 18 ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ අට හමාර ඉක්මවයි – මරණ 42107 ක්

(01.04.2020 – 08:05 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදනය හේතුවෙන් සිදු වනූ මරණ සංඛ්‍යාව 42,107 දෙනෙකු බව වාර්තා වෙයි.

ඊයේ (31) දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එය 837 දෙනෙකු බව සඳහන් වෙයි.

අමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ (31) දිනය තුළ වාර්තා වෙයි.

ලෝකයේ වැඩියෙන්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රට බවට පත්ව සිටින අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 87,340 දෙනෙකු වාර්තා වෙයි.

ඊයේ (31) දිනය තුළ ස්පාඤ්ඤයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ 748 ක් වාර්තා වෙයි.

මේ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණදෙන දරුණුතම අභියෝගය වර්තමාන කොරෝනා වෛරස වසංගතය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි.

මෑත කාලීන ඉතිහාසය තුළ ලෝකය මෙවැනි දරුණු ව්‍යවසනයකට මුහුණදී නොමැති බව හෙතෙම පෙන්වා දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

ණය සහන ලබා ගැනීමට බැංකුව අමතන්න

(01.04.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

බැංකු වලින් ලබාගෙන ඇති ණය සදහා රජය නිර්දේශ කර ඇති සහන ලබා ගැනීම සදහා තමන් ණය ලබා ගත් බැංකුව දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි නියෝජ්‍ය අධිපති එච්.ඒ.කරුණාරත්න කියා සිටියේ ඊ-මේල් හෝ තමන් ණය ලබා ගත් බැංකු ශාඛාව අමතා ණය සහන ලබා ගැනීමට කටයුතු කළ හැකි බවයි.

කොරෝනා වෛරසය හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාවට රජය ලබාදී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව පසුවිපරමක් ද ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා තීරණය කළා.

ඒ අනුව, ආදායම් බදු, වැට් බදු සහ වරිපනම් බදු ගෙවීමට අප්‍රේල් 30 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

ඊට අමතරව රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් සදහා ද, සහන ගෙවීම් කාලයක් ලබාදීමටයි රජය කටයුතු කළේ.

එමෙන්ම, ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6 කට අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3 කට අත්හිටුවීමට ද රජය සියලූම මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, සංචාරක, ඇගලූම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා මාස 6 ක සහන කාලයක් ලබාදීමට ද පියවර ගැනුණා ෴

+++++++++++++++++++++++++++++++++++

ආයුර්වේදයෙන් කොවිඩ්-19 ධූමායනය හා ප්‍රතිශක්තිකරණ කසායක්

(01.04.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

වෛරස මර්දනයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ පානයක් හා විෂ බිජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙඳ පොළට බෙදාහරින බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසනවා.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නීතිඥ සාගලා අභයවික්‍රම කියා සිටියේ දුර්ලභ බෙහෙත්වලින් සැකසූ අදාළ ප්‍රතිශක්තිකරණ වර්ධනය කරන කසාය හා කොවිඩ්-19 ධූමයනය දැන් නිපදවා ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

අන්තර්ජාලය ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු ඇරඹේ

(31.03.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

රට පුරා කොවිඩ් 19 ව්‍යාප්තවීමත් සමඟ දිවයිනේ පාසල් අන්තර් ජාලය ඔස්සේ ඉගෙනීම් කටයුතු සිදු කරගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

අපි අද ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා.

චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වුණු කොවිඩ් 19 වෛරසය අද වනවිට ලොවපුරා රටවල් රැසක් බිලි ගනිමින් සිටිනවා.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ව්‍යාප්තවීම ආරම්භ වීමත් සමඟ රටපුරා සියලු පාසල් අප්‍රේල් 20 වනදා දක්වා වසා දැමීමට පියවර ගැණුනා.

කෙසේවෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට ඉඩ නොදී කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය නූතන තාක්ෂණය යොදා ගනිමින් දරුවන්ට ඉගෙනීම් කටයුතු නිවසේ සිටිම කිරීමට කටයුතු සලසා තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වයත් සමග දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ගේට්වේ ජාත්‍යන්තර පාසලද නූතන තාක්ෂණය යොදාගනිමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය

(31.03.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන්නන්ගෙන් සියයට 30 ක් පමණ ස්නායු රෝග සංකූලතාවන්ට ලක්වන බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පත්‍රිකාවක් ගොනුකරන ලෙස ලෝක ස්නායු රෝග සංවිධානය ඇරයුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් මහ රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතාටයි.

ඔහු ලෝක ස්නායු රෝග සංවිධානයේ මහජන අවබෝධය පිළිබඳ ලෝක කමිටුවේ සභාපතිවරයාද වනවා.

ඕස්ට්‍රේලියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයක නිරතවෙමින් ඔහු කියා සිටියේ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ මූලික රෝග ලක්ෂණ අතරට ඇතුළත් වන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඉතාලි වෛද්‍ය විශේෂඥයින්ගේ තොරතුරුවලට අනුව මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති අතර, තමන් විසින් සකස් කරන විද්‍යාත්මක පත්‍රිකාවට මෙම කරුණු ඇතුළත් කරන බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති, ප්‍රවාහන ගැටලු පිළිබද, රජයේ අවධානය

(01.04.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

පැතිර යමින් පවතින කොරෝනා වෛරසය මැඩලීම සදහා ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (31) පැවැත්වුණා.

ඒ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදීයි.

වෛරසය පුද්ගල ආරක්ෂිත මෙවලම්, විෂබීජ නාශක, මුව ආවරණ කඩිනමින් සියලු පළාත් සදහා ලබාදීමට පියවර ගත යුතු බවයි එහිදී පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් අමාත්‍යවරිය දැනුවත් කර ඇත්තේ.

එසේම, සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති, ප්‍රවාහන ගැටලු පිළිබදව ද මෙහිදී අවධානයට යොමුවී තිබෙනවා.

මේ අතර, මාර්තු 16 වනදායින් පසු විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ට පොලීස් ස්ථාන තුළ ලියාපදිංචි වීම සදහා ලබාදී තිබූ කාලය අද (01) දහවල් 12 ට අවසන් වීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

අකුරණ කොරෝනා රෝගියා ගිය තැන් සඟවයි.. ඒ අපේ ආගමේ හැටි යනුවෙන් කියයි

(01.04.2020 – 09:22 +0530 – truenews.lk)

මහනුවර, අකුරණ ප්‍රදේශයේදී සොයාගත් කොරෝනා ආසාදිත රෝගියා සහභාගි වූවේ යැයි කියන දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් තිබූ නිවසක් සහ ඒ අවට තිබූ නිවාස හතක් සහ පුද්ගලයන් තිස් තුනක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනු ලබන දඹුල්ල, නිකවටවන ප්‍ර‍දේශයේ පදිංචි ඒ.සී.එම්. ලෆීර් නමැති පුද්ගලයකුගේ නිවසක් බවත් එම නිවසේ පවුල් හතරක් ජීවත්වන බවත් ඒ සියලු දෙනාම නිරෝධායනයට ලක් කළ බවත් පොලිසිය සඳහන් කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දඹුල්ල පොලිසියේ නිලධාරීහු එම අවමඟුල් උත්සවය තිබූ නිවසට ගොස් එම කොරෝනා ආසාදිත පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වා නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ එවැනි පුද්ගලයකු තම නිවසේ තිබූ අවමඟුල් උත්සවයට සහභාගි නොවූ බවත් එම පුද්ගලයාව කිසි දිනක දැන හඳුනාගෙන නොමැති බවයි.

නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණේ කොරෝනා ආසාදිත එම පුද්ගලයා මෙම නිවසේ ඉකුත් 8 වැනිදා පැවති අවමඟුල් උත්සවයට සහභාගි වූ බවයි.

නමුත් සැක සහිත නිසා එම කොරෝනා ආසාදිත රෝගියා පැමිණියේ යැයි කියන අවමඟුල් උත්සවය පැවති නිවස සහ ඒ අවට නිවාස හතක් සහ පුද්ගලයන් තිස් තුන් දෙනකු මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව සීගිරිය කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ. වසන්ත කුමාර මහතා සඳහන් කළා.

එසේම එම නිවස අවට නිවෙස්වලින් ප්‍රශ්න කිරීම්වලදී ඒ කිසිදු අයකු එම කොරෝනා ආසාදිත පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කිරීමට අකමැත්තක් දැක්වූ බවත්, ඒ සියලු දෙනාම තොරතුරු වසන් කිරීමට උත්සාහ කළ බවත් සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් මෙම නිවැසියන්ට තදින් අවධාරණය කරමින් කියා සිටියේ ඇත්ත තතු හෙළි නොකිරීම තමන්ට මෙන්ම මුළු රටටම කරන හානියක් බැවින් නිවැරදි තොරතුරු හෙළ කිරීම තමන්ගේ යුතුකමක් ලෙස සැලකිය යුතු බවයි.

එසේම ප්‍ර‍දේශවාසීන් කියා සිටියේ මෙම අවමඟුල් උත්සවයකට සහභාගි වූ කිහිප දෙනකුම මේ වනවිට රෝගී තත්ත්වයේ පසුවන බවත්, එසේ නිවැරදි තතු හෙළි නොකිරීම තම ආගමට අයත් වූවන්ගේ ගතියක් බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගික මූලධර්ම ගැන ලෝක සම්මතයක් නැත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බිඳවැටීම නිසාය – කොරෝනා ගැන වෙනස් මතයක්

(01.04.2020 – 12:07 +0530 – lankaleadnews.com)

රන්ගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන් විසින් ප්‍රධාන මාධ්‍ය මඟින් මහජනයාට ඉදිරිපත් කරන පොදු මතවාදයන්ට වඩා සුවිශේෂි සහ වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇත.

ඊට අනුව පවතින වසංගත තත්වය යම් රටවලදී පාලනය කරගැනීමට අසමත් වන්නේ පාලන උපායමාර්ගවල දුර්වලතාවයන් නිසාය. ඒ පිළිබඳ ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ලෝක බලවතකු ලෙස පෙනී සිටින ඇමරිකාවටය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

https://int.keellssuper.net

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *