දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී

(05.04.2020 – aruna.lk)

• පළමු කොරෝනා රෝගියා ඉක්මන් සුවය ලැබුවේ මේ ප්‍රතිකර්මයෙන් ලු

• මේ වන විට අයි ඩී එච් රෝහල් කාර්ය මණ්ඩලයත් මෙම ඔසු පාවිච්චි කරනවා ලු

• වැලිසර ළය රෝහලේ වෛරසය ආසාධනය වී සුව වූ වෛද්‍යවරයාත් මේ ඔසුවේ බලයට සාක්ෂි දෙයි

මේ වන විට මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය ඉතා පහසුවෙන් මර්ධනය කළ හැකි දේශීය ඖෂධයක් තමන් සතුව ඇති බව මෙරට ප්‍රධාන රෝහල් 4 ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනකු පවසයි.

දේශීය ඖෂධ භාවිතාවෙන් සෑදූ දුම් හට්ටියක් හා ඔෂධීය කැඳක් මොවුන් මේ විස්මිත ඖෂධ ලෙස දක්වයි.

විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බවද කියයි.

ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම මහතා පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3 ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.

දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක මහතා පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගිය ඉක්මනින් සුවය ලැබුවා පමණක් නොව ඔහුගේ නිවසේ සිටින කිසිදු සාමාජිකයකුට මෙම වෛරසය ආසාදනය නොවුනේ තමන් මෙම ඖෂධ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන් නිසා බව කී වෛද්‍ය දහානායක මහතා, අදාල රෝගියාගේ බිරිය ඒ පිළිබඳ ස්තූතිය ඵල කරමින් ලිපියක් එවා ඇති බවද කීය.

Click on Image to enlarge
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size of the JPG Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size of the JPG Image.

මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.

මෙම බටහිර වෛද්‍යවරුන් සිවූ දෙනා හා ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සමග පසුගියදා මාලබේ පිට්ටුගල හෙළසුවය පරිශ්‍රයේදී අරුණ කළ සාකච්ඡාවේ වීඩියෝව පහතින් නරඹන්න :

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=avuoTXpbVRA

+++++++++++++++++++++

07-04-2020

+++++++++++++++++++++

08-04-2020

+++++++++++++++++++++

= හෙළ සුවය වෙබ් අඩවියෙන් =
= YouTube : Hela Suwaya =

+++++++++++++++++++++

RAVANA – Special Program – Episode 100 – 09-04-2020 – SIYATHA TV (140 min.s)

+++++++++++++++++++++

10-04-2020

+++++++++++++++++++++

Siyatha TV – Ravana – Episode 103 – 14-May-2020

+++++++++++++++++++++

බටහිර වෛද්‍යවරුන් මවිතකල හෙළ නිල වෙදකම – හෙල සුවය (05.09.2021)

+++++++++++++++++++++

ලංකාවේ පළමු රෝගියාටත් ඉක්මන් සුවය ගෙනදුන් හෙළ සුවය දුම් හට්ටිය හා කැඳ පානය අපට ලැබුනේ මෙහෙමයි (18-09-2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *