තවත් කොවිඩ්-19 ආසාදිතයන් 12 ක් හමුවෙයි – සමස්ත ආසාදිතයන් ගණන 702 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් කොවිඩ්-19 ආසාදිතයන් 12 ක් හමුවෙයි – සමස්ත ආසාදිතයන් ගණන 702 දක්වා ඉහළට

• මෙරට සියලු කොරෝනා ආසාදිතයන් සිය ග්‍රහණයට හසුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව කියයි (විඩියෝ)

• කොටි ඩයස්පෝරාවේ හැසිරීම් සහ කුමන්ත්‍රණ ගැන අවධානයෙන් ඉන්න – සිංහලේ සංවිධානය කියයි (විඩියෝ)

• නෙදර්ලන්ත නෞකාවක සේවකයන් රැගත් යානයක් මත්තල ගුවන් තොටුපලට (විඩියෝ)

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,115 දෙනෙකු අත්අඩංගුවට

• තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු සුවය ලබා පිටව යයි – සුවය ලැබූ සංඛ්‍යාව 182 ක් වෙයි

• ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණයි

• මහර බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකු ඇදවැටී මරුට – බුද්ධි අංශ පරීක්ෂණ අරඹයි (විඩියෝ)

• වැලිසර නාවික කඳවුරේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් අදියරේ (විඩියෝ)

• පරිප්පු සහ සැමන්වල උපරිම සිල්ලර මිල ඉවත් කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ

• ප්‍රතිශක්තිකරණ එන්නත් හිඟයක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි (විඩියෝ)

• හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘත කෙරේ

• මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වෙනම නිරෝධායනයට – කොරෝනා අස්සේ පොලිසිය තවත් මෙහෙයුමක් අරඹයි

• ඩුබායි රාජ්‍යය දියුණු කළ ශ්‍රී ලාංකික මහ මොළකරුගේ ‘රහස්’ එළියට..! (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

තවත් කොවිඩ්-19 ආසාදිතයන් 12 ක් හමුවෙයි – සමස්ත ආසාදිතයන් ගණන 702 දක්වා ඉහළට

(02.04.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 702 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (02) පස්වරුවේ මෙරටින් නව ආසාදිතයන් 12 ක් හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 523 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

172 ක් ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 07 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට සියලු කොරෝනා ආසාදිතයන් සිය ග්‍රහණයට හසුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව කියයි

(02.04.2020 – 22:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු කොවිඩ් 19 ආසාදිතයන් සිය ග්‍රහණයට හසුකරගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා අවධාරණය කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ රූපවාහිනි සංවාදයකට එක්වෙමින්.

+++++++++++++++++++++

02-05-2020

***************************************

කොටි ඩයස්පෝරාවේ හැසිරීම් සහ කුමන්ත්‍රණ ගැන අවධානයෙන් ඉන්න – සිංහලේ සංවිධානය කියයි

(02.04.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ හැසිරීම් සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රටේ ජනතාව අවධියෙන් සිටිය යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සහ එහි ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

Who is this Subaskaran Allirajah? – by K.T.Rajasingham

(19.01.2020 – asiantribune.com)

+++++++++++++++++++++

Did Reno De Silva acquire Swarnavahini?

(29.04.2020 – lankanewsweb.net)

+++++++++++++++++++++

CHAPA, Hiru, සුදේව සහ රංගන! April 29, 2020

(29.04.2020 – YouTube : nidahas නිදහස් free CHAPAbandara)

https://www.youtube.com/watch?v=KPUFXfBav2c

***************************************

නෙදර්ලන්ත නෞකාවක සේවකයන් රැගත් යානයක් මත්තල ගුවන් තොටුපලට

(03.05.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෞකාවක කාර්ය මණ්ඩලයට අයත් 230 දෙනෙකු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද (03) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණියා.

මත්තල ගුවන් තොටුපල මානුෂික මෙහෙයුමක් වශයෙන් මෙම ක්‍රියාවලිය සිදුකර ඇති අතර, සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ බවත් ගුවන් තොටුපල ප්‍රකාශයෙකු සඳහන් කළා.

මෙම ගුවන් යානය නෞකාවේ මෙතෙක් රැඳී සිටි සේවකයන් 53 දෙනෙකු රැගෙන අද (03) රාත්‍රී 8.30 ට නැවත නෙදර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ වෙනුවට අද (03) රැගෙන ආ කාර්ය මණ්ඩලය නෞකාවේ යෙදවීමට පියවර ගැනෙනවා.

***************************************

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,115 දෙනෙකු අත්අඩංගුවට

(03.05.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ දිනයේ සිට මේ දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,115 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වාහන 11,699 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එමෙන්ම අද (03) උදෑසන හයෙන් (06:00) අවසන් වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1088 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 307 ක්.

මේ වනවිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට හෙට (04) උදෑසන පහට (05:00) දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කරනු ඇති.

එමෙන්ම යළි හෙට (04) රාත්‍රී අටට (08:00) එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පැනවෙන අතර, මැයි මස 06 වනදා බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින්නේ රාත්‍රී අටේ (08:00) සිට උදෑසන 05:00 දක්වා පමණයි.

ඒ අනුව යළි මැයි 06 දා, බදාදා රාත්‍රී 08:00 ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 දා සඳුදා අලු‍යම 05:00 දක්වා එම දිස්ත්‍රික්කවල දිගටම ක්‍රියාත්මක වනු ඇති.

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වනදා සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව මැයි මස 11 වන දින සිට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය ක්‍රමානුකූලව ලිහිල් කිරීමටයි මේ වනවිට රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන 11 වනදා සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුයි.

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගකිව යුතු වනවා.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකියාව පවතින අතර, පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වන්නේ පෙරවරු 10:00 ටයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවිට සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී ජනතාව විසින් අනුගමනය කළයුතු නිර්නායක ඉදිරි සතිය තුළ ප්‍රසිද්ධියට පත් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු සුවය ලබා පිටව යයි – සුවය ලැබූ සංඛ්‍යාව 182 ක් වෙයි

(03.05.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ තවත් 10 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 182 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 705 ක් හමුවී ඇති අතර ඉන් 516 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7 ක්.

මේ අතර අවසන් පැය 24 තුළ වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් 15 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉන් 10 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටි සෙබළුන් වන අතර, තුන්දෙනෙකු (03) නිවාඩු ලබා ගම්බිම් වෙත ගිය සෙබළුන්.

ඉතිරි ආසාදිතයන් දෙදෙනා (02) මෙම නාවික හමුදා සෙබළුන්ගේ ඥාතීන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණයි

(03.05.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 11 වන දින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු සූදානම් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද මාර්ගෝපදේශනයක් ඉල්ලා ලිපියක් යොමුකර ඇති බවයි.

අදාළ කරුණු සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ විෂය භාර අමාත්‍යාංශය, සෞඛ්‍ය අංශ සහ ප්‍රවාහන අංශ භාර නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් සිදුකර ඇති අතර, එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අංශවල උපදෙස් මත මගීන් ප්‍රවාහනය කිරීම පාඩු බවට පෞද්ගලික බස් රථ හිමියන් සිදුකළ ප්‍රකාශය සහ ඒ වෙනුවෙන් ඔවුන් ඉල්ලුම් කර තිබූ සහනාධාර පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටී ඇති මෙවන් අවස්ථාවක මාසයක් වැනි කෙටි කාලයකට පමණක් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කළ හැකි බවයි.

එමෙන්ම එලෙස නොවන්නේ නම් බොහෝ පෞද්ගලික බස් රථ, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් කඩ කිරීමට ඉඩ ඇති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ ඉල්ලීම් සාදාරණ වුවද මෙම අවස්ථාවේ රජයට තවදුරටත් සහන ලබාදීම සිදුකළ නොහැකි බවට විෂය භාර අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ ප්‍රවාහන අංශ නිලධාරීන් සමඟ ඊයේ (02) පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

රජයට ඇති ආදායම් මාර්ග සියල්ල මේ වනවිට අවහිර වී තිබීම ඊට හේතුව ලෙස අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

මේ අතර දුම්රිය සහ ලංගම අතර ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ධාවනය වන අවස්ථාවලදී දුම්රියට පැමිණෙන සහ ඉන් පිටවන මගී ජනතාවට මහා මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය බස් රථ යෙදවීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත්තේ ෴

***************************************

මහර බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකු ඇදවැටී මරුට – බුද්ධි අංශ පරීක්ෂණ අරඹයි

(03.05.2020 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ රැඳවියන් හත්දෙනෙකු (07) එහි තාප්පයෙන් පැන පලායාමට උත්සාහ කිරීමේදී එක් අයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනෙක් රැඳවියන් හයදෙනා (06) බන්ධනාගාර නිලධාරීන් භාරයට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

මෙහිදී මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැඳවියෙක්. ඊයේ (02) රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන් සහ පලායාමට උත්සාහ කළ රැඳවියන් අතර පොරබැදීමක්ද සිදුව තිබෙනවා.

එහිදී අහසට වෙඩි තැබීමක් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඇඳ ඇතිරිලි උපයෝගී කරගෙන සාදාගත් කඹයක් මාර්ගයෙන් ඔවුන් බන්ධනාගාරයේ තාප්පයකින් පලායාමට උත්සාහ කර ඇති අතර, ඉන් ඇද වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරට ලක්වූ පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද (02) තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පලායාමට උත්සාහ කළ මෙම සැකකරුවන් පිරිස මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වැලිසර නාවික කඳවුරේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් අදියරේ

(03.05.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින්ගේ කොරෝනා වෛරස් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගැනීම අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද (03) උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ (02) දිනයේදී වාර්තාවූ ආසාදිතයින් 15 දෙනාම නාවික හමුදාවට සම්බන්ධ පුද්ගලයින් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පරිප්පු සහ සැමන්වල උපරිම සිල්ලර මිල ඉවත් කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ

(03.05.2020 – 8:29 +0530 – hirunews.lk/sinhala)

පරිප්පු සහ සැමන් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65 ක සහ ග්‍රෑම් 425 සැමන් ටින් එකක් සඳහා රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය මාර්තු මස 17 වනදා එම අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් අප්‍රේල් මස 30 වනදා නිකුත් කළ නව ගැසට් නිවේදනයෙන් මයිසූර් පරිප්පු සහ සැමන් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

ප්‍රතිශක්තිකරණ එන්නත් හිඟයක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

(03.05.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තීකරණ එන්නත් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනතුරු එවැනි එන්නත් හිඟයක් රට තුළ නොපවතින බවයි.

ඔහු මේ බව සඳහන් කළේ සැපයුම් මාර්ගවල අවහිරතා හේතුවෙන් එන්නත් ප්‍රවාහනය අඩාල වීමෙන් ලොව පුරා කුඩා දරුවන්ගේ ජීවිත අවදානමකට වැටී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් අනතුරු අඟවා ඇති පසුබිමකයි.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ අඛණ්ඩව බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම මේ වනවිට මාස එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ මව්වරුන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවයි. එලෙස එන්නත් ප්‍රමාදවීම තුළ දරුවන්ට විවිධ ආසාත්මිකතා ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව ද ඇය පෙන්වා දෙනවා.

දැනටමත් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල අදාළ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස මීට පෙර හඳුනා ගැණුනු පුත්තලම දිස්ත්‍රික්කයේ ද ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සාර්ථකව පසුගියදා සිදුකළ බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියා සිටියේ.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ද එලෙසින්ම දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රතිශක්තීකරණ එන්නත් දරුවන්ට ලබාදීම කඩිනමින් ආරම්භ කරන ලෙසයි ඇය සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන අතර, මේ වනතෙක් ප්‍රතිශක්තීකරණ එන්නත් හිඟයක් රට තුළ නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++

හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘත කෙරේ

(03.05.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කළ මහනුවර – අකුරණ සහ කළුතර – බේරුවල ප්‍රදේශ යළි විවෘත කළ බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ප්‍රදේශ හුදකලා කිරීමටයි පියවර ගැනුනේ.

අකුරණ මෙන්ම බේරුවල – පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබූ අතර, ඒවා යළි විවෘත කිරීම අද (03) සිදුකර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වෙනම නිරෝධායනයට – කොරෝනා අස්සේ පොලිසිය තවත් මෙහෙයුමක් අරඹයි

(03.05.2020 – webgossip.lk)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි පසුගිය දා සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

ඉන් වැඩි පිරිසක් දිවි ගෙවන්නේ කොරෝනා අවදානම් කලාපවලය.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 63,000 ක් පමණ දිවි ගෙවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසීය ෴

***************************************

ඩුබායි රාජ්‍යය දියුණු කළ ශ්‍රී ලාංකික මහ මොළකරුගේ ‘රහස්’ එළියට..!

(01.05.2020 – YouTube : Harindra Jayalal)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *