ගුණරත්නම් ඇතුලු පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට පත් වූ, අධිකරණ නියෝග නොතැකූ විරෝධය

(09.06.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 42 දෙනෙකු පොලීසිය අද (09) අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන ලොව පුරා පැන නැගී ඇති වර්ගවාදයට එරෙහි විරෝධතාවන්ට සමගාමීවයි.

කෙසේ වෙතත්, එම ස්ථානයේ අද (09) දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් ඊයේ (08) අධිකරණය නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

ඔවුන් එම අධිකරණ නියෝගය නොතකමින් විරෝධතාව පැවත්වීමට සුදානම් වූ අවස්ථාවේ පොලිසීය විරෝධතාවට පැමිණ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අප වාර්තාකරු සඳහන් කළේ පොලීසිය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් අතර එහිදී ගැටුම්කාරී තත්වයක්ද ඇතිවූ බවයි.

අනතුරුව එහි සාමාජිකයින් 42 කු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, දේශපාලන මණ්ඩල සභිකයන් වන දුමින්ද නාගමුව, සුජිත් කුරුවිට මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයන් වූ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සහ නීතිඥ නුවන් බෝපගේ ද ඒ අතර සිටිනවා.

+++++++++++++

(09 June 2020 – 22:08 +0530)

අධිකරණ නියෝගය කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු 53 දෙනෙකු පොලීසිය අද (09) දහවල් අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන ලොව පුරා පැන නැගී ඇති වර්ගවාදයට එරෙහි විරෝධතාවන්ට සමගාමීවයි.

කෙසේ වෙතත්, එම ස්ථානයේ අද (09) දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් ඊයේ (08) අධිකරණය නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

ඔවුන් එම අධිකරණ නියෝගය නොතකමින් විරෝධතාව පැවත්වීමට සුදානම් වූ අවස්ථාවේ පොලිසීය විරෝධතාවට පැමිණ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා ෴

***************************************

අනිද්දා (11) කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 ක ඩෙංගු මර්දන වැඩසටහනක්

(09.06.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ අනිද්දා (11) කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා සඳහන් කළා.

මදුරු ගහණය ඉහළ යාම නිසා පසුගිය මාසයට සාපේක්ෂව මේ මාසයේදී ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 20,355 දෙනෙකු හමුවී ඇති අතර, මෙම මාසයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 86 ක්.

පසුගිය මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 206 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 202 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 181 දෙනෙකු හමුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා ෴

***************************************

මැතිවරණ කොමිසමේ දරු ප්‍රසූතිය

(09.06.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ ස්වාධීන මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පළ කළ අදහස් කිහිපයක් පහතින්.

***************************************

පොහොර ගැටලුවලට වහා විසඳුම් දෙන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(09.06.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

පොහොර සැපයුම සම්බන්ධව ගොවි ජනතාවට ඇති ගැටලුවලට වහා විසඳුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට අද (09) උපදෙස් ලබාදුන්නා.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

***************************************

ETI ගැන මහ බැංකුව නොකළ දේ

(09.06.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

ETI සමාගමේ ලියාපදිංචිය පිළිබඳව වසර ගණනාවකට ඉහතදී කරුණු හෙලිවී ඇතත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අද (09) අනාවරණය වුණා.

ඒ ETI සමාගමේ සිදුවූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීයි.

***************************************

ආණමඩුව – කරඹෑව දැවපිට විහාරය ගැන හිරුගේ අනාවරණයෙන් පසු අගමැතිගෙන් ලැබුණු ප්‍රතිචාරය

(09.06.2020 – 22:36 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව – කරඹෑව දැවපිට විහාරයේ පවතින ගැටලු සම්බන්ධයෙන් හිරු TV කළ අනාවරණයෙන් පසු ඒ පිලිබදව සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විහාරස්ථානය වෙත අද (09) පැමිණියා.

ඒ මෙම විහාරස්ථානයේ ගැටළු සම්බන්ධයෙන් හිරු ටී.වී. මධ්‍යහ්න පුවත් ප්‍රකාශය ඔස්සේ විකාශය වූ පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට කඩිනමින් සිය අවධානය යොමුකළා.

***************************************

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ වාහනය සහ එහි රියදුරු අත්අඩංගුවට

(10.06.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු 50 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.

පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ (03) වැඩ තහනම් කිරීමටද පසුගියදා පියවර ගැනුනා ෴

***************************************

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1859 ක් දක්වා ඉහළට

(10.06.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1859 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඒ, නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඊයේ (09) දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු (01) කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා (01) නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකු බව බව සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

මෙරටින් හමුවූ ආසාදිතයන් අතුරින් 791 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1057 ක් සහ මෙරට මරණ 11 ක්ද වාර්තා වුණා ෴

***************************************

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

(09.06.2020 – colombotoday.com)

අද (09) සවස කින්නියා, පෙරියාතමුනේ ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ දුව්‍ය යොදාගෙන මසුන් මැරිමට උත්සහ කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු (02) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

නවාස් නමැති පුද්ගලයාගේ අත් දෙකම කැඩී වෙන්වි ගොස් ඇති අතර රිසාන් නමැති අනෙක් පුද්ගලයාගේ කකුලකට බරපතල හානි සිදුවී ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *