විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක්

(19.07.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ සිදුකළ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළහැකි ස්ථූපයක් පිළිබඳවත්, ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි.

සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරයයි.

පාලී ධාතු වංශය, සිංහල ධාතු වංශය, වැනි ඓතිහාසික වංශ කතාවල සඳහන් වන්නේ සෝමාදේවිය සහ ගිරිඅබා රජු විසින් විල්ගම්වෙහෙර රජමහා විහාරයේ සෝමනුවර ස්ථූපය කරවූ බවටයි.

එම පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව වසර 2 ක් තිස්සේ කැනීම් සිදුකළා.

එහිදී පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත්තේ ක්‍රි.පූ. 2 දක්වා දිවෙන ඉතිහාසයක් මෙම සෝම නුවර සෑයට උරුම කර දෙමින්.

ඒ අනුවල මෙම ස්තූපය බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඊට අදාළ සාධක කිහිපයක් ද පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙලෙස හෙළිදරව් කෙරුණා.

කෙසේ වෙතත්, බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව මෙම ස්ථානයේ නිදන් කර තිබුණේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ කැනීම් සිදුකිරීම අවශ්‍ය වනවා.

+++++++++++++++++++++

***************************************

23,951 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි – කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 556 ක් – නාවික හමුදාවේ ආසාදිතයන් 3 දක්වා පහළට

(19.07.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මෙරට තුළ පැතිරීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා පුද්ගලයන් 23,951 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන්කළා.

ඒ අනුව තවදුරටත් මධ්‍යස්ථාන 53 ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සංඛ්‍යාව 6,257 ක්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) අද (19) දිනයේත් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 903 දෙනෙකු වන අතර, තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයන් තුන්දෙනෙකු (3) පමණයි.

ඊයේ (18) දිනය තුල කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු (7) වාර්තා වුණා. ඉන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 5 දෙනෙක් වාර්තා වු අතර 4 දෙනෙක් හෝමාගම සහ අනෙක් පුද්ගලයා (1) හිගුරක්ගොඩින්.

එමෙන්ම, සේනපුර මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ (18) දිනයේ වාර්තාවු ආසාදිතයින් 7 දෙනාගෙන් තවත් පුද්ගයෙකු පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක්.

අද (19) උදෑසන වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 556 දෙනෙකු ප්‍රතිකාර ලබන බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉන් 451 දෙනෙක් පුනරුත්ථාපනය වන රැඳවියන්.

තවත් 63 දෙනෙක් කාර්ය මණ්ඩලය වන අතර, ආශ්‍රිතයින් 37 ක් ඒ අතර වනවා.

බාහිරින් පැමිණ උපදේශකයන් ලෙස කටයුතු කළ 5 දෙනෙකුද ආසාදිතයන් බවට පත්ව ඇති බව සඳහන්.

මේ අතර, ඊයේ (18) දිනය තුල සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1570 ක්.

ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ තිස් පන්දහස් පන්සිය දහනවයක් (1,35,519) ලෙසයි.

මෙරටින් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයින් 2704 ක් අතුරින් 2023 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට සිදුවිය හැකි බලපෑම අවම කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබුණා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සදහා වන පහසුකම් ඒ අය වෙත ලබාදීම, අවශ්‍යතාවක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වලට වෛද්‍යවරුන් වැඩිපුර අනුයුක්ත කිරීම සිදුවිය යුතු බවයි ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

(19.07.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් හතරදෙනෙකු (4) අද (19) වාර්තාවුණා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,708 ක්.

අද (19) දිනයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු (2) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වන අතර, අනෙක් දෙදෙනා (2) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්තව ප්‍රතිකාර ලැබූ තවත් 12 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,035 ක් වනවා ෴

***************************************

මෝටර් රථයක් පැහැරගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(19.07.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථයක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹින් කුලී පදනම මත රියදුරු සමඟ මෝටර් රථයක් ලබාගෙන ඇති අදාළ සැකකරුවන් දෙදෙනා ගිරිඋල්ල – කොහිලවත්ත ප්‍රදේශයේදී රියදුරු බැඳ දමා මෝටර් රථය පැහැරගෙන ගොස් තිබුණා.

පසුව ගිරිඋල්ල පොලීසිය මාර්ග බාධක සහ වාහන සෝදිසි කිරීම් සිදුකරන ස්ථාන කිහිපයකට මේ පිළිබඳව දැනුම්දී ඇති අතර, සැකකරුවන් දෙදෙනෙකු සමඟ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ අද (19) අලුයම පන්නල දෙස සිට ගිරිඋල්ල දෙසට ගමන් කරමින් සිටියදීයි.

අදාළ මාර්ග බාධකයේදී මෝටර් රථය නතර කිරීමට පොලීසිය සංඥා ලබාදී ඇති අතර, එහිදී ඔවුන් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇති බවයි වාර්තාවන්නේ.

පසුව පොලීසිය එම මෝටර් රථයට වෙඩි තබා තිබෙනවා.

ඉන් එහි ටයර්වලට සිදුවූ හානිය හේතුවෙන් මෝටර් රථය නතරවී ඇති අතර, පසුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

***************************************

විනාශයට පත් වන මහකුඹුක්කඩවල ග්‍රාමීය රෝහල

(19.07.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

1948 වසරේ මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ දිවංගත ඩී.එස්. සේනානායක මහතා විසින් මහකුඹුක්කඩවල ගොවි ජනපදය ස්ථාපිත කිරීමෙන් පසු එම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පෙරදැරි කරගනිමිනුයි මෙම අංග සම්පූර්ණ ග්‍රාමිය රෝහල ස්ථාපිත කෙරුණේ.

මාතෘ සායනය, ප්‍රසූතාගාරය, මෘත ශරිරාගාරය, බාහිර රෝගී අංශය, නේවාසික රෝගී වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, වෛද්‍ය හා හෙද නිළ නිවාසයක් ඇතුළු තවත් අංග රැසකින් යුක්තවූ බහු කාර්ය ගොඩනැගිල්ලක් මේ හරහා ජනතාවට උරුම වුණා.

මෙම රෝහලේ නවීකරණ කටයුතු වලට සමගාමිව නව රෝහල් සංකීර්ණයක් සදහාද රජයේ ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ 2011 වසරේදී.

ගම්වාසීන් චෝදනා කරන්නේ නව ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම ස්ථානයේ තැබූ මුල්ගල එලෙසම පවතිද්දී දේශපාලනඥයිනගේ වුවමනාව මත යෝජිත නව ගොඩනැගිල්ල වෙනත් ස්ථානයක ඉදිකෙරුණු බවටයි.

එමෙන්ම අලුතින් ඉදිකරන ලද රෝහල් ගොඩනැගිල්ල තුළ පැරණි ග්‍රාමිය රෝහලේ පැවති කිසිදු පහසුකමක් නොමැති බවටත් එය වැව් රක්ෂිතයක ඉදිකර තිබීම නිසා වැසි කාලයන්හි රෝහලෙන් මුදා හරින අපද්‍රව්‍ය සෘජුවම ප්‍රදේශයේ පිහිටි වැවට ගලා බසින බවටත් ගම්වැසියන් මැසිවිලි නඟනවා.

මේ අතර, 2014 වසරේදී ඉපැරණි රෝහල් සංකීර්ණයට යාබදව තවත් ගොඩනැගිල්ලක් ඉදිවනවා.

අවාසනාව නම් නම් එම ගොඩනැගිල්ලද මහජන අයිතියට පත් නොකොටම ඝණ කැලෑවට ක්‍රම ක්‍රමයෙන් සින්නවීමයි.

පවුල් 3000 ට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පහසුවෙන් සිදුකල හැකි ඉපැරණි රෝහල අද මේ ගම්වාසීන්ට අහිමිව ගොස් අවසන්.

අලුතින් ඉදි වූ එක් ගොඩනැගිල්ලක් මත්ලෝලීන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා.

අනෙක් ගොඩනැගිල්ල අවශ්‍ය තරම් සෞඛ්‍ය පහසුකම් නොමැතිව ඉදි කර ඇත්තේ ගඟට ඉනි කපන්නාසේයි.

මේ සියල්ල හමුවේ එක පෙළට දිගැහැරෙන්නේ මහජනතාවගේ රුපියල් කෝටි ගණනක මුදලක් නිකරුනේ වියදම් වී අවසන් වූ බව නොවේද ?

මහකුඹුක්කඩවල ජනතාවගේ මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන තුරු ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

ඇඹිලිපිටියේදී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

(19.07.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජනහමු කිහිපයකට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි.

ඒ අනුව අද (19) පෙරවරුවේ අඹිලිපිටියේ පැවති ජනහමුවකට ජනාධිපතිවරයා එක්වුණා.

ඇඹිලිපිටිය ළමා උද්‍යානයේ සංවිධාන කර තිබු ජනතා හමුවකට අද (19) පෙරවරුවේ එක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතාට රැස්ව සිටි පිරිසෙන් හිමි වුයේ ඉහල පිළිගැනිමක්.

මේහිදි ජනතාව ඉදිපත් කළ ගැටලු කිහිපකයක් කෙරේහි ජනාධිපතිවරයාගේ අවදානය යොමු වුණා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාට ඇප

(19.07.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

තැපැල් දෙපාර්තමේන්තුවට වංචාවක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන නිමල් ආර්. පීරිස් ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරු කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාව තලංගම පොලිසිය ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලිපි 7,564 ක් සඳහා අය විය යුතු රුපියල් 1,13,460 ක මුදලක් එම දෙපාර්තමේන්තුවට නොගෙවා වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.

1999 වසරේදී හිටපු මන්ත්‍රීවරයාට ලබාදී තිබූ මුද්දරය වෙනුවට මුද්‍රාව තබන තැපැල් මුද්‍රා යන්ත්‍රය භාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ඔහු දැරූ මන්ත්‍රී ධුරයට අදාළ කාලසීමාව අවසන් වුවද තැපැල් මුද්‍රා තැබීමේ යන්ත්‍රය යළි භාරදී තිබුණේ නැහැ. ඔහු මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවට වංචා කරමින් යොමුකර ඇත්තේ සමගි ජනබලවේගයේ ජනහමුවක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරන ලද ලිපි තොගයක්.

මීට දින කිහිපයකට පෙර මධ්‍යම තැපැල් හුවමාරුවට මෙම ලිපි භාරදී ඇති අතර, ඉන් කිහිපයක් තලවතුගොඩ තැපැල් ස්ථානයට ද ලැබී තිබෙනවා.

එහිදී අදාළ ලිපි පරීක්ෂා කිරීමේදී මතුවූ සැකය මත තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා ෴

+++++++++++++++++++++

***************************************

විදෙස්ගත අපරාධකරුවන්ට වරෙන්තු ගන්න, පොලීසි 53 කට කල්දෙයි

(19.07.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පලාතේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 25 ක් මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 20 ක් සක්‍රීයව ක්‍රියාකාරී මට්ටමේ පසුවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

පොලිස් මූලස්ථානයේ අද (19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ 388 දෙනෙකු සිටින බවයි.

ඉන් 26 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන පොලිසිය රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සහ දේපල රාජසන්තක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීතිවිරෝධි වත්කම් විමර්ශණ කොට්ඨාශයක් ස්ථාපිත කිරීමට ඉදිරි දින කිහිපය තුල පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වන විට ක්‍රියාත්මක පොලිස් විමර්ශණ හමුවේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගේ ගිණුම්වල ඇති මුදල් විශ්වවිද්‍යාල සිසුන් හරහා නව බැංකු ගිණුම් විවෘත කර එම ගිණුම් වලට මුදල් බැරකර ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැර කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

(19.07.2020 – 20:05 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත තුළ සාමාජිකයින් 388 දෙනකුගෙන් සමන්විත අපරාධ කල්ලි 25 ක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි තුළ සමාජිකයින් සංඛ්‍යාවෙන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 දෙනෙක් පමණි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ තවමත් නිදැල්ලේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සංඛ්‍යාව 362 කි.

අද (19) පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, රුපියල් කෝටි 110 කට අධික මුදලක් අපරාධකරුවන් අතර සංසරණය වී ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය නමින් හෙට (20) සිට වෙනම ඒකකයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණ විය.

+++++++++++++++++++++

***************************************

මතට ඇබ්බැහි වී බැටරි සොරකමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

(19.07.2020 – 18:26 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර, පැල්මඩුල්ල ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන මාර්ග අසල සහ නිවෙස්වල නවතා තිබෙන වාහනවල බැටරි සොරකම් කළ දෙදෙනෙක් (2) පැල්මඩුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සොරකමට මුහුණදුන් වාහන හිමියන් විසින් කරන ලද පැමිණිළිවලට අනුවයි.

ඒ අනුව සැකකරුවන් විසින් ගලවාගෙන ගිය බැටරි 14 ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව ඔවුන් සතුව තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 520 ක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර ඔවුන් කළෙක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් පරික්ෂණවලින් හෙළිව තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැල්මඩුල්ල පොලිසිය ප්‍රකාශ කළේ ෴

***************************************

‘කහ’ මිල වාර්තාගත ලෙස ඉහළට

(19.07.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ අලෙවිකරන ‘කහ කුඩු’වල මිල ගණන් වාර්තා ගත අන්දමින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ‘කහ කුඩු’ කිලෝග්‍රෑමයක මිල මේ වනවිට රුපියල් 2500 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කහකුඩු වෙළඳපොළේ හිඟවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යන බවටයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙරටට ‘කහ කුඩු’ ආනයනය කෙරෙන ඉන්දියාව ඇතුළු රටවල් රැසක කටයුතු සීමා කිරීම නිසා ඒවා ආනයනය කිරීමට නොහැකි වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළම පාරිභෝගික සේවා අධිකාරිය ‘කහ කුඩු’ තොග සඟවන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කළ අතර එහිදී අනාවරණ වූයේ ඇතැම් වෙළඳුන් ‘කහ කුඩු’ සඳහා තිරිඟු පිටි මිශ්‍ර කරන බවටයි ෴

***************************************

පොදුජන පෙරමුණ නිර්මාණය කළේ ඇයි ? – අගමැති හේතු පැහැදිලි කරයි

(19.07.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

2015 ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් ඇතුළු පිරිසට සැලකූ ආකාරය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළ බව එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැල්ලවාය – සෙවනගල ප්‍රදේශයේ අද (19) පැවති ජනහමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

කුරුණෑගල – රාජසභාව ගැන පොලිස්පතිත් වාර්තාවක් කැඳවයි

(19.07.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර සතියක් තුල වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සදහන් කලේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව පොලිසිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය 15 වනදා රාත්‍රියේ ඩෝසර කර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර, එහි වාර්තාව හෙට (20) ලබාදීමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

බුවනෙකබා රාජ සභාව ‍විනාශ කළ ද්‍රෝහියා වහාම අත්අඩංගුවට ගන්න – එල්ලාවල නාහිමියෝ ජනපතිට – අගමැතිට කියති

(19.07.2020 – 21:10 +0530 – lankaleadnews.com)

කුරුණෑගල ඓතිහාසික රාජසභාව ඩෝසර් කළ අයට කුමන තරාතිරමක වුවත් ඉහළම දඬුවම දිය යුතුයැයි පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාට කියා සිටිති.

මෙම ඓතිහාසික රාජසභාව පමණක් නොව කුමන අන්දමේ පුරාවස්තු වැනසුවත් නිසි දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් යැයිද පූජ්‍ය මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

කුරුණෑගල ඓතිහාසික පුරවරයේ පුරාවස්තු තිබෙන්නේ අතලොස්සයි. එයින් මේ රාජසභාව ප්‍රධාන තැනක් ගන්නවා. මෙය රජවරු සතර දෙනෙක් රාජසභාව ලෙස භාවිතා කළ තැනක් බව ජනප්‍රවාදයේත් සදහන් වෙනවා. යාපහුව රාධානිය ඇදවැටිමෙන් පසු දෙවන බුවනෙකබාහු රජතමා කුරුණෑගල රාජධානිය ආරමිභ කරනවා. ඉන් පසු හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා, 2 වන බුවනෙකබාහු රජතුමා, පස්වෙනි විජයබාහු රජතුමා කුරුණෑගල රජකරනවා. පසුව කුරුණෑගල රාජධානිය බිඳවැටිමෙන් ගම්පොල රාජධානිය ඇතිවෙනවා.

අඥාන ප්‍රාදේශිය පාලකයන් විසින් කඩාදැමු මෙම රාජසභාව රජවරු සතර දෙනෙක් නඩු ඇසීම සදහා භාවිතා කළ තැනක්. මේ ස්ථානයට මුලදි හානි කරද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කළත් නිසි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. අවසානයේ සිදුවුනේ වටිනා පුරාවස්තුවක් ජාතියට අහිමිවිමයි.

මේ ආකාරයෙන්ම මාර්ග සංවර්ධනය කරන්න කියලා මන්නාරමේ මාතොට රජමහා විහාරය විනාශ කලා. අවසානයේ එහි තිබු වයිනා සෙල්ලිපි හා පුරාවස්තු කැබලි බවට පත්වෙලා පාර පුරා තිබුණා. අන්තිමට අපිට ඇහැදගන්න වුණේ ඒ වටිනා සෙල්ලිපිවල කබලි ටික විතරයි.

කුරුණෑගල රාජසභාවට කළේ විශාල අපරාධයක්. එසේම අඥාන වැඩක්. මේ ලෙස රටේ උරුමය ඩෝසර් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා මෙයට වගකිය යුත්තේ කුමන පක්ෂයක කෙනෙක් වුවත් කුමන ජාතියක අයෙක් වුවත් ඒ කිසිවක් නොතකා නිසි දඬුවම ලබාදිය යුතුමයි යැයි මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති ෴

+++++++++++++++++++++

රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්.. – දයාසිරි ජයසේකර

(20.07.2020 – 10:00 +0530 – lankacnews.com)

කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා දමා ඇත්තේ ඉගෙන ගත්තු අයෙකු නොව 8 පාස් රස්තියාදුකාරයෙක් බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

අට පාස් අය ඉහළ පුටුවලට ගියාම සිදුවන දේ මෙය බවද ඔහු සඳහන් කළේය.

පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසි පවා විනාශ නොකළ මෙම රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති විසින් ඩෝසර කර වනසා දැමූ බවද ඔහු පැවසීය.

මේ විනාස කරන්නේ අපේ උරුමය බවත් මේවා දකින විට පපුව පත්තු වන බවත් ඔහු කුරුණාගල ජනහමුවක් අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කමිටු පත්කර වැඩක් නැති බවත් වරද කරුවන් අල්ලා හිරේ දැමිය යුතු බවත් ඔහු කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කර මෙවන් දේ බලාපොරොත්තු නොවූ බවත් ජනාධිපති තුමන් ඉදිරියේදී මේ ගැන නිවැරදි තීන්දුව ගනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය ෴

+++++++++++++++++++++

කුරුණෑගල පුරාවස්තු වැනසූ පුද්ගලයින් තවදුරටත් නිදැල්ලේ

(20.07.2020 – FB : Newsfirst.lk)

***************************************

මාලු ටැංකියෙන් මතු වූ ආයුධ

(19.07.2020 – 22:16 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල නැදිමාල ප්‍රදේයේ ව්‍යාපාරික ස්ථානයකින් තියුණු ආයුධ 8 ක්, වායු රයිෆලයක්, උණ්ඩ ටින් 6 ක් පොලීසිය අද (19) සොයාගත්තේය.

මෙම ස්ථානයේ මීට පෙර ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාව, පාස්කු ප්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුලැබිණි. ඒ, තියුණු ආයුධ 6 ක් ද සමගිනි.

පොලීසිය පවසන්නේ, මීට දින කිහිපයකට පෙර මේ ව්‍යාපාරික ස්ථානය කුළී පදනම මත ලබාගත් පුද්ගලයා අදාළ භූමියේ පිහිටි මාළු ටැංකිය ඉවත් කිරීමේදී පෝර උරයක බහා තිබූ මේ ආයුධ සොයාගත් බවය.

***************************************

මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍යවරයාගේ මව බිරිය සහ දරුවන් දෙදෙනාටත් කොරෝනා

(19.07.2020 – 23:16 +0530 – lankaleadnews.com)

රාගම මෙල්ස්ටා පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය 13 දා කොරොනා රෝගය වැළඳීම නිසා ඔහු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබූ පුවත මාධ්‍ය වාර්තා කර තිබූ අතර අද (19) වාර්තාවන්නේ ඔහුගේ කිරිවත්තුඩුව, තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මව බිරිය හා දරු තිදෙනාටද කොරෝනා පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි.

ඔවුන් අද (19 දා) සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා තහවුරු කළේය.

මෙම වෛද්‍යවරයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයෙකු ලෙස ද සේවයකරන අතර ඔහුට කොරොනා රෝගය වැළඳීමෙන් පසුව එම නිවසේ පදිංචිව සිටි වෛද්‍යවරයාගේ බිරිඳ (37), ඇයගේ මව(56), පුතා (11) සහ දියණිය (06) යන අය ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

පසුව වෛද්‍යවරයා සංචාරණය කළ බව පැවසෙන ස්ථාන කිහිපයක් නිරෝධායනයට ලක් කොට, එම ස්ථාන වලට ආ ගිය 34 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

ඒ අතර පසුගිය 17 දා ,වෛද්‍යවරයාගේ නිවසේ පදිංචි මේ අය පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරන ලද අතර තහවුරු වී ඇත්තේ එම නිවසේ පදිංචි වෛද්‍යවරයාගේ මව, බිරිඳ, පුතා සහ දියණිය ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවයි. 56 හැවිරිදි කාන්තාව තවදුරටත් ස්වයං නිරෝධායනයට වන්නට ඉඩ තබා පවුලේ අනෙක් අය අද (19) සවස, ගිලන් රථයකින් කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබේ ෴

***************************************

පාත්ෆයිඩර්, MCC සහ ගුණරුවන් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(07.07.2020 – lankaleadnews.com)

“එම්.සී.සී. ගිවිසුම ගැන පත්කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සත්‍යයක්. ජනාධිපතිවරයාට ඒ ගිවිසුම අත්සන් කරන්න කිසිම අවස්ථාවක් නෑ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන මානසිකත්වය ජනාධිපතිට තිබුණ නම් පාත්ෆයින්ඩර් වැනි ආයතනයක නියෝජිතයන් මේ කමිටුවට පත්කරන්නේ. ජනාධිපතිවරයා මේ ගිවිසුම අත්සන් කරනවා නම් ඒක දේශපාලන සියදිවි නසා ගැනීමක්.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *