කුරුණෑගල නගරාධිපතිට සහ වයඹ ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නියෝගයක්

(28.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සියලු ලිපිගොනු අධිකරණ භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා.

ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි.

එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අධිකරණය නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල සිද්ධිය ගැන හදිසියේම පැමිණි දුරකථන ඇමතුමට අගමැති දුන් කිසිවෙකු නොසිතූ පිළිතුර

(28.07.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සිද්ධියේදී හදිසියේම අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් පැමිණි බවත් එහිදී අගමැතිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි සඳහන් කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ ‘හිරු TV සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා :

***************************************

රුපියල් 5000 දීමනාව වංචා කළ බවට ග්‍රාම නිලධාරීවරයෙකුට චෝදනාවක්

(28.07.2020 – 14:53 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම මාගම්මන නැගෙනහිර 590 ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා විසින් දෙවනවර ලබා දුන් රුපියල් 5000 දීමනාව 94 දෙනෙකු ලබා නොදී රුපියල් 4,70,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

***************************************

අගමැතිවරයා සමඟ සාකච්ඡාවකින් පසු PHI වැඩවර්ජනය අවසන් වෙයි

(28.07.2020 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන රාජකාරිවලින් සහ බෝවන රෝග පාලන වැඩසටහන්වලින් ඉවත්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද (28) අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා අනුවයි ෴

***************************************

රැඳවියන්ට මත්ද්‍රව්‍ය සැපයූ වාරියපොළ බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

(28.07.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන්ට මත්ද්‍රව්‍ය සැපයූ සිද්ධියක් සම්බන්ධයෙන් එහි බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩතහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++

***************************************

හැමෝගෙම ඇස් වසා රජයේ කාර්යාලයක් ඇතුලේ ජයටම කරගෙන ගිය නොමනා සෙල්ලම ඇල්ලූ මෙහෙයුම

(28.07.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

= රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල සහායකයෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් ගංජා සමඟ අත්අඩංගුවට =

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදී කේරළ ගංජා ළඟ තබාගනිමින් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවයි වාර්තාවන්නේ.

යුද හමුදා බුද්ධි අංශය සහ රත්නපුර පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ වැටලිමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි කේරළ ගංජා ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් එම කාර්යාල කාර්ය සහායකගේ ගමන් බෑගයේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

කේරළ ගංජා මිලදි ගැනිමට පැමිණි පාරිභෝගිකයින් ලෙස හඟවමින් බුද්ධි නිලධාරීන් විසින් ප්‍රථමයෙන් මෙම ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

එම ආයතනයට මිටර් එකසිය පණහක දුරින් පිහිටි මාර්ගයකදී ආරක්ෂක නිලධාරියා හමුවී රුපියල් පහලොස් දහසක මුදලකට කේරළ ගංජා උපාය දූතයින් ලෙස පෙනි සිටි නිලධාරීන් විසින් මිලදී ගැනිමට සුදානම්වූ අවස්ථාවේ එම ගංජා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පැවසීමෙන් අනතුරුවයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලට ගොස් එම කාර්යාල කාර්ය සහයකයා හමුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

සමාජ මාධ්‍ය කැළඹු නිට්ටඹුව ඉඩම් සිද්ධියේ අලුත් කතාවක් එළියට

(28.07.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව – කලල්පිටිය අක්කර 30 ක පමණ ඉඩමකට, ඇතුළුවීමට ගිය පිරිසකට විරෝධය පළ කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් එම ඉඩමේ වර්තමාන හිමිකරු බව ඇන්ඩෘ සමරකෝන් මහතා හිරු වෙත විශේෂ ප්‍රකාශයක් කළා.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවත්, අදාළ වත්තේ බංගලාව භාවිතයට අධිකරණය තමන්ට අවසර දී ඇති බවයි.

එම වත්තේ ගරාජයේ පදිංචිව සිටින වත්තේ පැරණි සේවකයෙක් ඉන් ඉවත් නොවී වත්තට අයිතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළා.

හොර ඔප්පු සකසා ඉඩම් අත්පත් කර ගන්නා කණ්ඩායමක් සිටින බවත් තම මාමා කෙනෙකු එවැනි පිරිසක් විසින් ඝාතනය වූ බවත් ඔහු චෝදනා කරනවා.

එම මාමාට අයත් මෙම නිට්ටඹුව ඉඩම තමන්ට දැන් අයත් වන නිසා නිත්‍යානුකුලව ඒ වෙනුවෙන් පියවර ගෙන ඇති බවත්, වත්තේ හා තමන්ගේ මෙන්ම සේවකයන්ගේ ආරක්ෂාවට ආරක්ෂකයන් යොදවා ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ, අධිකරණයෙන් මෙම ඇන්ඩෘ සමරකෝන් නමැත්තාට වත්තට ඇතුළු වී බංගලාව භාවිත කිරීමට අවසර දී ඇති බවත්, ඒ අනුව පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවට එක්ව සිටි බවයි.

මෙසේ ඉඩමට ඇතුළුවීමට ගිය පිරිසක, එහි පදිංචිව සිටින පිරිසක් විරෝධය පළ කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර මෙම විරෝධය පළ කරන විට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ද එහි සිටි අතර මහජන සාමය කඩ කළැයි ඉඩමේ දැන් පදිංචි පවුලේ පුතා සහ පියා අත්තනගල්ල උසාවියට ඉදිරිපත් කර 26 වනදා රාත්‍රීයේ රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි අප වාර්තාකරු කියා සිටියා.

***************************************

ප්‍රකාශයක් ගන්න රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

(28.07.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදීයුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත අද (28) පෙරවරු 9 පමණ රැගෙන ආවා.

පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ ඔහු යළි රැගෙන ගිය බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද ප්‍රකාශ ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට අද පැමිණියා ෴

***************************************

අත්අඩංගුවට ගත් ‘ජල්බරි’ පොලිසියේදී කියූ කතාව

(28.07.2020 – 21:43+0530 – hirunews.lk/sinhala)

මාකඳුරේ මධූෂ්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මොහොමඩ් සිද්දික් මොහොමඩ් සියාම් නොහොත් ‘ජල්බරි’ නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් ළඟ තබාගෙන සිටියදීයි.

දෙමටගොඩ පදිංචි 49 හැවිරිදි සැකකරු, ‘මාකඳුරේ මධූෂ්’ සමග ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ පුද්ගලයෙක්.

***************************************

මත් උවදුරෙන් තරුණ පරපුර මුදා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතුයි

(28.07.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

මත් උවදුරෙන් තරුණ පරපුර මුදා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධාන කර තිබූ ජන හමු කිහිපයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) එක්වුණා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ගෙලිඔයම කම්පා කරවූ එකම තැන එකම වෙලාවේ තිදෙනෙකු මියගිය මාරක අනතුරු දෙක සිදුවූ හැටි

(28.07.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ගම්පොළ මාර්ගයේ ගෙලිඔය කරමඩ ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් අඹු සැමි යුවලක් ඇතුළු තිදෙනෙකු (3) ජිවිතක්ෂයට පත් වුණා.

අනතුරට ලක්වූ පදිකයෙකු යටකරගෙන ධාවනය වූ ත්‍රිරෝද රථයක්ද එහිදී අනතුරට ලක්වුණා.

පේරාදෙණිය – ගම්පොළ මාර්ගයේ ගෙලිඔය කරමඩ ප්‍රදේශයේදි ගෙලිඔය දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකකුගේ ගැටීමෙන් පළමු අනතුර සිදුව තිබුණේ ඊයේ (27) පස්වරු 06:50 ටයි.

අනතුරින් යතුරුපැදිකරු මාර්ගයේ ඇද වැටෙන අතර එම අවස්ථාවේදී එම දිශාවටම ධාවනය වු ත්‍රීරෝද රථයක් වැටී සිටි පදිකයා ඇඟ මතින් ගමන් කර ඉදිරියෙන් නවතාගෙන සිටි මෝටර් රථයක ද ගැටී පෙරළීමෙන් දෙවැනි අනතුර සිදුව තිබෙනවා.

***************************************

මහඡන්දයේ ආරක්ෂාවට 84,000 ක් – රාජාංගණයේ තැපැල් ඡන්දයත් පෙරවරුවේ ඇරඹේ

(29.07.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරස ව්‍යාප්ත වීමත් සමඟ තාවකාලිකව අත්හිටවූ රාජංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසීම අද (29) සිදුකෙරෙනවා.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

එමෙන්ම, මෙවර මහ මැතිවරණය සදහා 84,000 කට ආසන්න ආරක්ෂක නිලධාරින් පිරිසක්ද යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ෴

***************************************

ශ්‍රී ලංකාව සමඟ එක්ව ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණය සංවර්ධනය කරනවා – ඉන්දියාව කියයි

(29.07.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රජය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

මෙම තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වරින් වර මාධ්‍ය වාර්තා පළවූ අතර, ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ අවධානය යොමුවී ඇති බවයි.

එහිදි ඉදිරිපත්වන ඵලදායී යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද එමඟින් බලාපොරොත්තු වනවා.

දැනට බදු පදනම මත ඉන්දියාවට ලබාදී ඇති ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි ටැංකි 25 ක් යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග පැවති සාකච්ඡාවකදියි.

ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ තිබුණා.

2002 වසරේ එවකට පැවති රජය විසින් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පිහිටි තෙල් ටැංකි 100 ක් බදු පදනම මත ඉන්දීය රජයට ලබා දීමට කටයුතු කළා.

එම ගිවිසුම වසර 35 ක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට අයි.ඕ.සී .සමාගම එම තෙල් ටැංකිවල ඉන්ධන ගබඩා කිරීම සිදුකරනු ලබනවා ෴

***************************************

මැතිවරණයෙන් පසු රැස්වන පාර්ලිමේන්තුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සිකුරාදා (31)

(29.07.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොරෝනා අභියෝගයට මුහුණදෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සඳහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා (31) පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මේ බව ප්‍රකාශ කළ බවයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනවා.

මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 22 වනදා පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරතවුණා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේදී පාර්ලිමේන්තු සභා ගර්භය, භෝජනාගාර සහ පාර්ලිමේන්තු පුස්තකාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ඊයේ (28) කොවි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

එම රැස්වීමට විශේෂ ආරාධිතයෙකු ලෙස මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතාද එක්ව සිටි අතර, එහිදී ඔහු අගෝස්තු පස්වනදා මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති ආකාරය සම්බන්ධයෙන් විශේෂ කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා.

එමෙන්ම නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් දිනයක් ලබා දීම සිදු නොවන අතර, එදිනම පස්වරු පහෙන් (5) පසුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදීමට යෝජනා වී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා ෴

***************************************

කොළඹ සංවර්ධනයට ජනපතිගෙන් සැලැස්මක්

(29.07.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැළැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඊයේ (28) ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අවස්ථාවේදියි.

එහිදී ජනතාවගේ නිවාස හිඟය, කසළ බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගං වතුර වැනි පොදු ගැටළු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙහිදී ගං වතුර පාලනයට විසඳුමක් ලෙස කඩවත – වැල්ලවත්ත ඇළ මාර්ගය පුළුල් කර පිළිසකර කරදෙන ලෙස මෙහිදී පොදුජන පෙරමුණු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මොරටුව – ලුනාව ප්‍රදේශයේද සංචාරය කළ ජනාධිපතිවරයාගෙන් රැස්ව සිටි පිරිස ඉල්ලා සිටියේ ප්‍රදේශයට බරපතල ගැටළුවක්ව පවතින පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙසයි.

එමෙන්ම මහරගම – පමුණුව පදික වෙළඳාමේ නිරත 850 ක් පමණ වන පිරිස වෙනුවෙන් පොදු ස්ථානයක් සකසන ලෙසද එහිදී ඉදිරිපත්වූ තවත් යෝජනාවක්.

මීට අමතරව හෝමාගම, බෝමිරිය, කොස්ගම යන ප්‍රදේශවලද සංචාරය කළ ජනාධිපතිවරයා ජනතාවගේ පොදු ගැටළු පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *