නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමති මණ්ඩලය මෙන්න…

(12.08.2020 – 09:46 +0530 – lankaleadnews.com)

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි. ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.

අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.

ඒ අනුව අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් පහතින් දැක්වේ.

එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය :

= රාජ්‍ය ඇමතිවරුන් =

  1. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
  2. පියංකර ජයරත්න – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
  3. දුමින්ද දිසානායක – සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  4. දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
  5. සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය
  6. ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
  7. අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය
  8. නිමල් ලාන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
  9. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  12. විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ
  13. ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය
  14. විජිත බේරුගොඩ – දහම්පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය
  15. ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
  17. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
  18. දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
  19. විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  20. තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
  23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  24. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  25. සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  26. අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  27. සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  28. තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
  30. පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
  31. ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය
  32. ඩී.වී. චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  33. ඩී.බී. හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
  34. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
  35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  36. ජීවන් තොණ්ඩමන් – වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
  37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
  38. සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
  39. චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

+++++++++++

= කැබිනට් අමාත්‍යවරු =

  1. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  2. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
  3. ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
  4. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
  5. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
  6. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
  7. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
  8. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
  9. ආර්.සී.බී. රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
  10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
  12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
  13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍යාංශය
  14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
  15. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
  16. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
  17. එස්.එම්.චන්‍ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
  18. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
  19. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
  20. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
  21. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
  22. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
  23. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
  24. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  25. අලි සබ්රි – අධිකරණ අමාත්‍ය

+++++++++++++++++++++++++++++++++++

අද (12) පත් කල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙන්න…

(12.08.2020 – 16:40 +0530 – lankacnews.com)

දිස්ත්‍රික්ක 25 සඳහාම දිස්ත්‍රික් සම්බන්ධීකර කමිටු සභාපතිවරුන් පත් කිරීම අද (12) දිනයේ සිදු කරන ලදී.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම ද සිදු කෙරිණි.

අද (12) දිනයේ පත් කරන ලද සභාපතිවරුන් මෙසේය :

කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ මහතා
ගම්පහ දිස්ත්‍රික්කය – සහන් ප්‍රදීප් මහතා
කළුතර දිස්ත්‍රික්කය -සංජීව එදිරිමාන්න මහතා

ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරල මහතා
මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක මහතා
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පති මහතා

මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර මහතා
මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා
නුවරඑළිය දිස්ත්‍රික්කය – එස්.බී. දිසානායක මහතා

අනුරාධපුරය දිස්ත්‍රික්කය – එච්. නන්දසේන මහතා
පොලොන්නරුව දිස්ත්‍රික්කය -අමරකීර්ති අතුකෝරල මහතා
අම්පාර දිස්ත්‍රික්කය – ඩී. වීරසිංහ මහතා

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – කපිල අතුකෝරල මහතා
කුරුණෑගල දිස්ත්‍රික්කය – ගුණපාල රත්නසේකර මහතා
පුත්තලම දිස්ත්‍රික්කය – අසෝක ප්‍රියන්ත මහතා

බදුල්ල දිස්ත්‍රික්කය – සුදර්ශන දෙනිපිටිය මහතා
මොණරාගල දිස්ත්‍රික්කය -කුමාරසිරි රත්නායක මහතා
රත්නපුර දිස්ත්‍රික්කය – අකිල එල්ලාවල මහතා

කෑගල්ල දිස්ත්‍රික්කය – රාජිකා වික්‍රමසිංහ මහත්මිය
යාපනය දිස්ත්‍රික්කය – අන්ගජන් රාමනාදන් මහතා
කිලිනොච්චි දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්ද මහතා

වව්නියාව දිස්ත්‍රික්කය -කේ. දිලීපන් මහතා
මන්නාරම/මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන් මහතා

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

මෛත්‍රිපාලට, විජේදාසට, මහින්ද යාපාට අද ඇමති ධුර නැහැ, තව ඇමති ධුර 3 කට හා කතානායකට ඉඩ

(12.08.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුර හිමිවෙතැයි විශ්වාස කළ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද යාපා අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් සියඹලාපිටිය, එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ජෝන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ට අද (12) අමාත්‍ය ධුර හිමි වූයේ නැහැ.

එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ලෙස ජනපති අතින් පත්වීම ලබාගත්තා.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (12) කිසිවෙකුත් දිවුරුම් දුන්නේ නැහැ.

ආරංචි මාර්ග සඳහන් කළේ එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දිවුරුම් දීමට නියමිතව තිබුනත්, එය සිදු නොවූ බවයි. එමෙන්ම අද (12) දිවුරුම් දීමේ උත්සවයට ඔහු පැමිණ සිටියේ නැහැ.

ශ්‍රීලනිප නායක, මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වේදීම මනාප ඡන්ද ලබාගත් (111,137 ක්) හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් අමාත්‍ය ධුරයක අද (12) දිවුරුම් නොදීමද විශේෂත්වයක්.

නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා මන්ත්‍රීවරයා පත්වනු ඇතැයිද ආරංචි මාර්ග වාර්තා කළත් එය සනාථ වී නැහැ.

තවත් කැබිනට් අමාත්‍ය ධුර 2 කට හා රාජ්‍ය අමාත්‍ය ධුරයකට මන්ත්‍රීවරුන් පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ පවතිනවා ෴

+++++++++++++++++++++

හිටපු ජනපති මෛත්‍රීපාලට ඇමැතිකම නොලැබුන හේතුව හෙළිවෙයි

(12.08.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

තමන්ට දීමට යෝජනාවී ඇති ඇමති ධුරයත් නිදහස් පක්ෂයේ වෙන කෙනෙකුන් වෙත ලබාදෙන මෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නව ආණ්ඩුවේ ප්‍රධානින් වෙත ඊයේ (11) සවසම පවසා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසනවා

පරිසර අමාත්‍ය ධූරය මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට යෝජනා වී තිබු බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර පැවති අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත කම්කරු කැබිනට් අමාත්‍ය ධුරයත්, මහින්ද අමරවීර මහතා වෙත පරිසර කැබිනට් අමාත්‍ය ධුරයත් හිමි වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරණ දුමින්ද දිසානායක මහතාට සූර්ය ශක්ති සුළං හා විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය ධුරයත්, දයාසිරි ජයසේකර මහතාට බතික් අත්යන්ත්‍ර රෙදි හා ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයත්, ලසන්ත අලගියවැන්න මහතාට සමුපාකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයත්, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුප්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයත් හිමි වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

නවක මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

(12.08.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක (3) විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ලබන 20 වනදා පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳව දින වකවානු තීරණය කරන බවයි.

මෙහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු ඉතිහාසය සහ ස්ථාවර නියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රිවරුන්ට ලබාදෙනු ඇති.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොනවාද යන්න සහ ඒ ආශ්‍රිතව බැඳී ඇති නිර්නායක පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තුවට ඡුන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් නව මන්ත්‍රීවරුන් වන අතර, එම ප්‍රමාණය 76 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ආචාර්ය හරිනි අමරසූරිය නම් කෙරේ

(12.08.2020 – 09:26 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන බවයි එහි ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ.

ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 7 දෙනා නම්කරයි ?

(12.08.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස්කර අවසන් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම නම් මොනවාදැයි ඔහු අනාවරණය කළේ නෑ.

ඒ අනුව මෙලෙස නම්කර ඇති බවට එම පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වන නම් පහතින් :

  1. රංජිත් මද්දුම බණ්ඩාර
  2. ඉමිතියාස් බාකීර් මාකර්
  3. තිස්ස අත්තනායක
  4. හරීන් ප්‍රනාන්දු
  5. මයන්ත දිසානායක
  6. එරාන් වික්‍රමරත්න
  7. ඩයනා ගමගේ
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *