තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

*********************************************

තම මවට පහරදී අතවර කළ සැකකාර පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරයට

(10.01.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

සිය මවට පහරදී තර්ජනයකර ලිංගික අතවර කළ සැකකාර පුත්‍රයෙක් වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත්කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වේයන්ගොඩ, කොරසේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පෙරේදා (08) පෙරවරුවේ නිවසට පැමිණ ඇති මොහු මවගෙන් කෑමට යමක් ඉල්ලා තිබෙනවා.

එහිදී මව විසින් කෑම සකසාදී ඇති අතර කෑම ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් කෝපයට පත් පුත්‍රයා විසින් මවට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සිය මවට තර්ජනය කර ඇයට ලිංගික අතවර සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගැනුණේ ෴

++++++++++++

***************************************

(10.01.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරතිව් පෝන්පරප්පි හි ස්ථාපිත ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය 1942 වර්ෂයේදී ආරම්භ කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු පහසු කිරීම සඳහායි.

කරතිව් උතුර, කරතිව් දකුණ, පොන්පරිප්පි, සේරක්කුලිය, පෙරියනාගවිල්ලුව, පෙරියකුඩා, සින්නනාගවිල්ලුව, මහලවිල්ලුව, ආලවිල්ලුව ආදී ගම්මාන නවයක ජීවත් වන 15,000 ක් පමණ ජනතාවට ආසන්නතම රෝහල ද මෙයයි.

බාහිර රෝගි අංශයක්, නව වාට්ටු සංකීර්ණයක්, දන්ත වෛද්‍ය සායනයක්, ඖෂධ ගබඩාවක් ආදි අංග රැසකින් මෙම ප්‍රතිකාර ඒකකය සමන්විත වුවද ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

***************************************

(10.01.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවණක් යනු මූලික මිනිස් අවශ්‍යතාවක්.

නමුත් මාසික කුලිය හෝ ගෙවාගත නොහැකිව රක්ෂිතයක අටවාගත් පැලක දිවි ගෙවීමට සිදුවූ අසරණ පවුලක් පිළිබඳව අපට මිහින්තලය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ මිහින්තලය – කන්නට්ටිය රක්ෂිතයේ දිවි ගෙවන ආනන්ද කුමාර මහතා සහ ශිරෝමි බුද්ධිකා මහත්මියගේ පැල්පතයි.

දරුවන් සිව් දෙනෙකුද (4) සමඟින් ඔවුනට මෙලෙස රක්ෂිතයක අනවසරයෙන් අටවාගත් පැල්පතක ජීවත්වීමට සිදුව ඇත්තේ මෙතෙක් පදිංචිව සිටි නිවසට කුලී ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

කොළඹ ප්‍රදේශයේ හෝටලයක අරක්ඇමියෙකු ලෙස සේවය කර ඇති ආනන්දට එම රැකියාවද අහිමිවුණේ කොරෝනා ව්‍යාප්තියත් සමඟයි.

මේ හේතුවෙන් ආනන්ද – ශිරෝමි යුවලට මෙන්ම දරුවන්ටද විදින්නට සිදුව ඇති දුක් ගැහැට සුළු පටු නැහැ.

රක්ෂිතයක අනවසරයෙන් පදිංචිව සිටින මේ අසරණ පවුලට මේ වන විට නීතියද හරස්වී තිබෙනවා.

හිසට සෙවනක් සොයන මේ අසරණ පවුලට පිළිසරණක් වන්නට හැකිනම් එය ඔවුන්ට මහත් සහනයක් වනු නොඅනුමානයි.

***************************************

(10.01.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහකිලෝ 8769 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගියදා වයඹ මුහුදු තීරයේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු සමඟ මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය ජාතිකයින් 12 දෙනා සහ ඔවුන් සතුව තිබූ උපකරණ නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, ඔවුන් පැමිණි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව සිය භාරයේ තබාගෙන තිබෙනවා ෴

***************************************

ශිෂ්‍යත්වයේ විශිෂ්ටයින්ට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර

(10.01.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට (10) සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.

බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවාගේ ද ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

දක්ෂතා සහිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම සරසවි ප්‍රවේශය ලැබුවහොත් සරසවි අධ්‍යාපනය ද හමාර වනතුරු මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට CL Synergy ආයතනය එලෙස කටයුතු කර තිබේ.

එක් සිසුවෙකු වෙනුවෙන් මාසික ව රුපියල් 4500 ක මුල්‍යාධාරයක් මේ යටතේ ලබාදෙන අතර එයින් රුපියල් 500 ක මුදලක් මාසිකව දරුවා නමින් ඇරඹෙන ගිණුමකට තැන්පත් කරනු ලැබේ ෴

*****************************************

ළමා නිවාසයක සිදුවන අකටයුතුකම් ‘උකුස්සා’ හෙළි කරයි

08-01-2021
09-01-2021
10-01-2021
11-01-2021

***************************************

(10.01.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

මයිලඩි මුහුදු තීරයේ නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 124 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොණ්ඩමනාරු මුහුදු තීරය දෙසට ගමන් කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරික්ෂා කිරීමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ එහි තිබී මලු තොගයක් මුහුදට දැමූ සැකකරුවන් පලා යාමට තැත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව අදාල ඩිංගි යාත්‍රාව ලුහුබැඳ ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන මුහුදට දැමූ මලු 04 ක් පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමුවී තිබෙනවා.

සැකකරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 සහ 31 වයස්වල පසුව යාපනය, නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

සැකකරුවන් සහ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිසිය වෙත භාරදී තිබෙනවා.

***************************************

(10.01.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපල පවරා ගන්නාතුරු ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද (10) ඉල්ලීමක් කළා.

ඒ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ, වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය පැවති ස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව අද (10) වාර්තා වුණා.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහ, නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ ස්ථාපිත නිරෝධායනය මධ්‍යස්ථානය වෙතයි.

ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් පෙරේදා දෙවන (2) වරටත් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවැති තැන්පතු මුදල් පෞද්ගලික සුඛ විහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(10.01.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම දේශපාලනඥයින් ද මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++++

(10.01.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.

මෙම පිරිසත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 41,325 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් 6286 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 47,840 ක් ෴

+++++++++++++++++++++++

(10.01.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 06 ක් හෙට (11) විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

වව්නියාව දිසාපති සමන් බන්දුලසේන මහතා සඳහන් කළේ වව්නියාව දෙමළ මහා විද්‍යාලය, ගාමිණී ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්බකුලම බාලිකා විදුහල, සයිව ප්‍රකාශ විදුහල හා වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව, එම පාසල් විවෘත කරන දිනය ඉදිරි දිනකදී දැනුම්දීමට කටයුතු කරන බව ද දිසාපතිවරයා සඳහන් කළා.

මේ අතර, අම්පාර නාගරික බල ප්‍රදේශයේ පිහිටා ඇති පාසල් කිහිපයක් ද හෙට (11) දිනයේ විවෘත නොකිරීමට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබෙනවා ෴

(10.01.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල ඇති පාසල් 32 ක් හැර සෙසු පාසල් හෙට (11) ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25 ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් 05 ක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් මෙසේ තවදුරටත් වසා තැබෙනු ඇති ෴

+++++++++++++++++++++

(10.01.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 300 දෙනෙක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 48,140 ක් ලෙසයි ෴

බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස මේ මොහොතේ සිට හුදකලා කරණු ඇති.

මේ අතර හෙට (11) අලුයම 5 සිට ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ ෴

++++++++++++++++++++++

(10.01.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද සහ මීගමුව පොලිස් වසමේ තල්දූව ග්‍රාමනිලධාරී වසමේ එම්.සී. නිවාස යෝජනා ක්‍රමය හෙට (11) අලුයම පහේ සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර හෙට (11) අලුයම 5 සිට ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලටද පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

පොළොන්නරුව – ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස්දෙනාගෙන් තවත් රැඳවියෙකු නාරම්මල, බෝගහපිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(10.01.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරගන්නා ලෙස සහ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2), දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) සහ තවත් මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු (3) වන බවයි.

එසේම, පාර්ලිමේන්තු සභා ගර්භයද අද (10) දිනයේදී විෂබීජහරණය කෙරුණු අතර, හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් කළ ස්ථාන හඳුනාගෙන ඒවාද විෂබීජහරණයට ලක් කිරීමටයි පියවර ගැනුණේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ හෙටිටිපොල කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම, රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 02 වැනිදා සහභාගි වූ කුලියාපිටිය – අස්වැද්දුම – සුභාරතීපුර ප්‍රදේශයේ පැවති සාදයක සිටි ඔහුගේ ළඟම ආශ්‍රිතයින් 08 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *