වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පැමිණිලි 51 ක්

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 02
පිටුව – [01][02][03][04][05][06][07]

(27.05.2019 – 19:46 +0530 – sinhala.adaderana.lk)

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි රෝහල් විමර්ශනවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සීසේරියන් සැත්කම් සිදු කළ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයා පසුගිය මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනුණේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි.

එහෙත් ඔහු පිළිබඳ පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.

කුරුණෑගල රෝහලට ඊයේ පැමිණි මව්වරුන් දස දෙනකු පැමිණිලි කර සිටියේ ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් යළිගැබ් නොගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

අද දිනයේද තවත් මව්වරුන් රැසකගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට එම පැමිණිල්ලම ඉදිරිපත් වී තිබුණි.

මෙලෙස මව්වරුන් 51 දෙනකුගෙන් මේ වන විට මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

මෙම තත්වය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතන හිමියන්ද අද කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත වැඩම කළ අතර රෝහල් අධ්‍යක්ෂවරයා හමුවී කළ සාකච්ඡාවෙන් පසු උන්වහන්සේ අදාල පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන් හමුවුණි.

මෙවන් පසුබිමක කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් අද ප්‍රකාශ කළේ මව්වරුන් වන්ද්‍යාකරණය කිරීමේ චෝදනා පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණවලට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

චෝදනාවලට ලක්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර අද පස්වරුවේ දඹුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද අද පැමිණිල්ලක් ගොනු කර තිබේ.‍

ඒ වෛද්‍ය මොහොමඩ් ශාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කාල සීමාවේ සිය පළමු දරු ප්‍රසූතිය සඳහා 2013 වසරේ ඔහුගෙන් සිදු කරගත් සිසේරියන් සැත්කමින් පසු මේ දක්වා තමන්ට දරුඵල අහිමි වී ඇති බව පවසමින්ය.

අදාළ පැමිණිල්ලේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගන්නා බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

+++++++++++++++++++++

27.05.2019

+++++++++++++++++++++

+++++++++++++++++++++

සිංහලයන් වනසන මහා සැලැස්මක්.. සියළු මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කරනු.. – පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

(27.05.2019 – 14:10 +0530 – lankacnews.com)

‘‘ඡන්දා, ද්වේෂා, භයා, මෝහා, කියන සතර අගතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියල පේනව. මේ සියලුම දෙනා පාක්ෂික වශයෙන් එකට ලගින අය. මේ වැරදිකරුවන් වශයෙන් එලිදරව් වන සියලු දෙනාම දේශපාලනයට සම්බන්ධයි. නිකම්ම නෙවෙයි දේශපාලන පක්ෂවලින් ඡන්ද ඉල්ලන්න ඉදිරිපත් වුන ජනනායකයන් ලෙස පත්වුන අය. අපට ඉතාමත් පැහැදිලිව පේනවා පවත්නා රජයේ මැති ඇමති වරුන්ගේ පෞද්ගලික සම්බන්ධය, දේශපාලන සම්බන්ධය මේ පරික්ෂණ වලට බාධාවක් වෙලා තියනවා කියන බව. මෙන්න මේක නිසා තමයි අද රට අස්ථිර තත්වයක තියෙන්නේ’’ යයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සොභිත හිමි කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

රටේ පවතින වත්මන් තත්වය පිළිබදව උන් වහන්සේ තවදුරටත් මෙසේ අදහස් දැක්වීය :

‘‘මේ දොස්තරලා මේ තරම් මුදල් සම්භාරයක් ලබා ගත්තේ කොහොමද ? මේ නීති විරෝධි ගබ්සා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් මේ තැනැත්තාට ලැබුන ආදායම්. කුමක් හෝ සංවිධානයක නියමයටයි මේ වෛද්‍යවරයා මේ දේ කරල තියෙන්නේ. ඒ සදහා ලැබුන කප්පන් මුදල තමයි ඔය තියන්නේ. ඒක අපිට කිසිම සැකයකින් තොරව ඔප්පුකරන්න පුලුවන්.

තත්වය මෙසේ තිබියදී බලළා මල්ලෙන් එලියට පනිනවා. එක බලළෙක් නෙවෙයි. ක්‍රමානුකූලව මේ දේ සිද්ධවෙන ආකාරය පේනවා. මුස්ලිම් ඇමති සලීම් ප්‍රකාශයක් කරනවා ‘මේ කියන වෛද්‍යවරයාට වත්කම් තියනවා, ඒක ගැන සැකයක් හිතන්න දෙයක් නැහැ, නොයෙක් විදියේ ව්‍යාපාරික කටයුතු තියනවා’ කියනව.

නමුත් අපිට ප්‍රශ්නයක් තියනවා ‘රජයේ වෛද්‍යවරයෙකුට එවන් ව්‍යාපාර කරන්න වෙලාවක් තියනවද? මොන වගේ ව්‍යාපාර වලින්ද කෝටි පනහ – සියය ආකාරයේ මහා මුදල් සම්බාර උපයා ගත්තේ? මුස්ලිම් ඇමති සලීම් මේ කතාකරන්නේ මේ නීතිවිරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවෙක් හැටියටද?

පාස්කු ඉරිදා සිද්ධියෙන් සති තුනකට පමණ පස්සේ ආදුරුප්පු වීදියේ වෙළද සැලකින් සොයාගෙන තියනවා වද භාවයට පත් කරන පෙති වර්ග ලක්ෂ ගනනක්. මේ වගේ තොරතුරු අනුව පේනවා සාෆී කියන්නේ තනි පුද්ගලයෙක් නොවන බව. මේක මහා පරිමාන ක්‍රියාදාමයක එක කොටසක් පමණයි කියන බව. වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය මේ සියලුම වගකිව යුත්තන් මේ සම්බන්ධයෙන් ඉක්මන් පරික්ෂණ කරල වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න විතරක් නෙවෙයි මේ දේවල් වල අලගිය මුලගිය තැන් සොයාබලා මේ තත්වයන් නතර කිරීමට වහාම පියවර ගත යුතුයි.

මුස්ලින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ වැඩ වහාම තහනම්කල යුතුයි. මේ සැකයේ චෝදනාව මේ අය වෙත එල්ලවෙනවා. ඒ නිසා මේ පරික්ෂණ අවසන් වන තෙක් මේ අයගේ වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි.

එසේ නොකරන්නේ නම් මහජනතාවට සිද්ධවෙනවා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න. අපි බලාපොරොත්තු වනවා රජය වහාම මේ වන්ද්‍යාකරණයට එරෙහිව කටයුතු කරයි කියල. සමස්ත සිංහල ජාතියම වඳ කිරීමේ වැඩසටහනක් මේ වෙන්නේ. මේවා වහාම අත්හිටවිය යුතුයි. ඒ සදහා වහාම ක්ෂණීක පියවර ගත් යුතුයි.

ප්‍රජාත්‍රන්ත්‍රික ලෝකයේ අද ආයුධවලින් ආක්‍රමණය කිරීමට අපහසුයි. මේ ආකාරනේ ඔවුන් ආක්‍රමණය කරන්න හදනවා. මුස්ලින් බුද්ධිමතුන් මුස්ලිම් උගතුන් මුස්ලිම් විද්‍යාඥයින් මේ සියලුමදෙනා එකතුවෙලා ක්‍රමාණුකූලව සකස්කල වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ.

පාස්කු ඉරිදා ඒ ප්‍රහා‍රයෙන් මියගිය ඇත්තෝ කලේ මහා ජීවිත පූජාවක්. අපි ඒ අයට ගරුකල යුතුයි. ඉන් පස්සේ තමයි තැන්තැන් වලින් මේ භයානක තොරතුරු මතුවන්නේ.

අනතුරින් ජීවිත විනාශ වූනා නොවෙයි. මේ ඇත්තෝ ශ්‍රී ලංකීය ජාතියම වෙනුවෙන් ජීවිත පූජාකලා කිව්වොත් නිවැරදියි. ඒ ජීවිත පරිත්‍යාගය නිසා තමයි වෙන්නට තිබුන මහා ව්‍යවසනයක තොරතුරු හෙලිදරව්වෙන්න ගත්තේ. එදා ඒ සිදුවීම නොවී තව මාස තුනහතරක් පහු උනානම් තව ටික කලක් මේ තත්වය සාමකාමී ස්වරූපයෙන් ඉදිරියට ගියානම් වෙන්න තිබුන විනාශය මේ සිදුවුන සිදවීමට වඩා ලක්ෂ ගුණයකින් ඉහල යන බව දැන් තොරතුරු වලින් හෙලි වී ගෙන යනවා.

මේ තොරතුරු මීට කලිනුත් විවිධ සංවිධාන මගින් හෙලිදරව් කලා නමුත් පාලකයන් මේ ගණන් ගත්තේ නැහැ. මේවා බොරු විහිලු මනස්ගාත කියන ආකාරයෙන් තමයි විග්‍රහ කලේ.

පසුගියදා දිවයින පත්තරෙන් හෙලිකල විස්තරය ඇතැම් මුල්ලිම් නායකයන්යයි කියා ගන්නා අය බැහැර කරන්න හදනවා.

අපි දේශපාලඥයන්ට කියනව මේ මුස්ලිම් ඡන්ද කිහිපයකට රට ජාතිය පාවාදෙන්න එපා කියල. මරික්කාර් කියන මන්ත්‍රීවරයා කියනවා මේක මාධ්‍යයෙන් කරන බොරුවක්; දවසකට එකයි මේ වගේ සැත්කම් කරන්න පුලුවන්; ඒ වගේ අසත්‍ය තොරතුරු මගින් කරන්නේ මොකක්ද? මේ ඉදිරිපත් කරන තොරතුරු උපහාසයට ලක් කරනවා.

මේ සිංහල ජනතාව විනාශ කරලීම සදහා වන මහා පරිමාන සැලැස්ම තාමත් සියුම් විදියට ක්‍රියාත්මකයි. මේක නැවැත්වීම සදහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

+++++++++++++++++++++++++++++++++++

මේ ආණ්ඩුවත් මරාගෙන මැරෙන්නයි සූදානම – රෝහිත අබේගුණවර්ධන

(27.05.2019 – 21:24 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රජය ජනතාව අතර අලුත් මාතෘකාවක් නිර්මාණය කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ‍චෝදනා කරයි.

අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවසිය :

‘‘ආණ්ඩුවේ නොහැකියාව දුබලතාවය නිසා එදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනත් අද වෙන තුරු ආරක්ෂක අංශවලට නිවැරදිව පියවර ගන්න දෙන්නේ නැහැ.

මේ නිසා ජනතාවට ආණ්ඩුව අප්‍රිය වෙලයි තියෙන්නෙ. ආණ්ඩුව ඇතුලේ ඉන්න අයම කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සම්බන්ධයි කියලා.

ත්‍රස්තවාදියා ආවේ මරාගෙන මැරෙන්නනේ. ඒ වගේ මේ ආණ්ඩුවත් දැන් සූදානම් වෙන්නේ විපක්ෂයත් මරාගෙන මැරෙන්නයි. ආණ්ඩුව පාලනය කලේ 225 ද?

2015 ජනවාරි 8 වැනිදා ඉදන් පහුගිය ඔක්තෝම්බර් විතර වෙනකල් ආණ්ඩුව පාලනය කළේ එජාප, ශ්‍රීලනීප, දෙමළ සන්ධානය හා ජවිපෙ කියන කණ්ඩායම් එකතු වෙලයි.

හීලෑ වුනු විපක්ෂයේ විපක්ෂ නායක සම්බන්ධන්. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක. ඒ අය ආණ්ඩුව පාලනය කරලා රටේ ආරක්ෂාව ගැන තීරණ අරන් වැඩේ වැරදුනාම දැන් කියනවා 225 ම එපා කියලා.

අපි මේ ආණ්ඩුවේ හිටියේ නැහැ. අපි මේ ආණ්ඩුවෙන් බේරිලා හිටියේ හරිම අමාරුවෙන්. අගමැතිතුමගේ කුණු ටික අපේ ට්‍රැක්ටරයේ අදින්න ලෑස්ති වෙන්න එපා.

ආණ්ඩුවේ කුණු ආණ්ඩුවේ ට්‍රැක්ටර්වලින්ම ඇඳගන්න. එදා යුද්ධය කරන වෙලාවේ අපේ ආණ්ඩුව වාසි අවාසි දෙකම භාරගත්තා.

කටුනායක ගාමන්ට් ෆැක්ටරිවල සිද්ධියෙන් මරණයක් වුන ගමන් කිව්වේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගකියන්න ඕනේ කියලා.

මේ ආණ්ඩුව කියන්නේ 225ම වගකියන්න ඕනේ කියලයි. මේකට ආණ්ඩුව කළ අය විතරයි වගකියන්න ඕනේ. අපේ ආණ්ඩු කාලේ ආරක්ෂක මණ්ඩලය සතියකට දෙවතාවක් රැස්වුනා.

ජනවාරි 8 වැනිදායින් පස්සෙත් ආරක්ෂක මණ්ඩලය රැස්වුනා. රාජපක්ෂ දඩයම් කරන්නේ කොහොමද, ඒ අයත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් හිරේ දාන්නේ කොහොමද කියන දේවල් විතරයි මේ කවුන්සිල් එකෙන් හෙව්වේ. ඇමැතිවරු මාධ්‍ය සාකච්ඡා තියලා ‘අහවලා හිරේ යනවා’ වගේ කතා කියන්නේ කොහොමද?

රොහාන් ගුණරත්න මහතා කියනවා ‘අපේ දේශපාලනඥයන් රටේ ආරක්ෂාව එක්ක සෙල්ලම් කළා; යුද හමුදා බුද්ධි නිලධාරීන් 500 ක් විතර ඡායාරූපගත කිරීම් කළා’ කියලා. මේ විදියට බුද්ධි අංශය විනාශ කරලා රටක රාජ්‍ය ආරක්ෂාවක් ගෙනියන්නේ කොහොමද? ආණ්ඩුව ආපු ගමන් හිටපු පොලිස් විෂය භාර ඇමැතිවරයා ගිහින් මාර්ග බාධකයකට පයින් ගැහුවා.

හමුදා නිලධාරීන් කඳවුරුවලට සීමා කලා. දැන් ප්‍රහාරයක් එල්ල වුනාම කියනවා 225 ම වගකියන්න ඕනෙලු.

අසාත් සාලි ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශ දිහා රටම බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුකාරවරයා දින ගණනාවකට කලින් අධිකරණයේ විනිසුරුවරයෙක් සම්බන්ධ බව කිව්වත් අද වෙනතුරු මොහුගෙන් කිසිදු ප්‍රකාශයක් අරන් නැහැ.

මේ විනිසුරුවරයා කවුද කියන දේ තාම හොයා ගෙන නැහැ. දැන් ආරක්ෂක අංශවලට වැඩ කරන හැටිත් අසාත් සාලි උගන්වන්න අරන්. බල්ලො ගෙනියන්නේ කොහොමද වගේ දේ ගැන කියනවා.

ඒ මදිවට දැන් වෛද්‍ය සාෆිට සුදුහුණු ගානවා. තවම අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා විතරයි. අසාත් සාලි එළියට බැහැලා කියනවා ඔහු සුද්ධවන්තයෙක්ලු. මේ අල්ලගන්නේ චූටි බබාලානේ.

අහුවෙන බබාලාව නාවන්නේ අසාත් සාලි. දර්ගා නගරයෙන් අහුවුනා සහරාන් ත්‍රිවිලරයක් අරන් දිපු කෙනෙක්. මෙවැන් ප්‍රකාශ කරමින්, ජාතිවාදය අවුස්සන සුලු ප්‍රකාශ කරද්දි මොහුව ආරක්ෂා කරන කෙනා කවුද කියන ප්‍රශ්නය රට ඉදිරියේ තියෙනවා. දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ගෙනත් ප්‍රශ්න කළා. අසාත් සාලිට කිසිම ප්‍රශ්නයක් නැහැ.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා. ඒ අතරතුර වෛද්‍ය සාෆි අත්අඩංගුවට පත්වුණා.”

+++++++++++++++++++++++++++++++++++

27.05.2019

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු රෙගුලාසි උල්ලංඝණය කරලා ?

(27.05.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

සිසේරියන් සැත්කම් 8000 ක් සිදු කළ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයා රජයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු පිළිබඳ රෙගුලාසි උල්ලංඝණය කරමින් තම පත්විම් ලබාගෙන ඇති බවට අද දෙරණට තොරතුරු අනාවරණ වුණි.

සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා 2015 මහාමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී ඇත්තේ දඹුල්ල මහා රෝහලේ සේවය කරමින් සිටින අතරතුරදීය.

එලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ෂාෆි වෛද්‍යවරයා 2015 ජුලි මස 03 වැනි දින දඹුල්ල මහා රෝහලේ සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා අයදුම් කරන්නේ ඔහු 2014.12.31 වැනි දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථාන මාරුවක් ලැබීම සඳහා වාර්ෂික ස්ථාන මාරු ලේඛණයටද ඇතුලත්ව සිටින පසුබිමකදීයි.

ඔහු ඉල්ලා සිටි රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීම අනුමත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය 2015.12.16 වැනි දින ලිපියකින් ඔහු වෙත දැනුම් දී තිබේ.

එලෙස සිය ධූරයෙන් ඉවත් වූ ෂාෆි වෛද්‍යවරයා 2015 මහමැතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු 2016.08.09 වැනි දින අභියාචනයක් කරමින් නැවත තමා සිය ධූරයේ පිහිටුවන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

අදාළ අභියාචනය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය 2016 වසරේ අගෝස්තු මාසයේදි වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලික පදනම මත වෛද්‍යවරයා දඹුල්ල මූලික රෝහල වෙත අනුයුක්ත කිරිමට අනුමැතිය ලබා දී තිබේ.

මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශය 2016.08.24 දින ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ 2014.12.31 වැනි දින සිට ක්‍රියාත්මක වීමට තිබු වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය සැලකිල්ලට ගනිමින් ෂාෆි වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවන ලෙසයි.

2017.02.16 වැනි දින සිට ෂාෆි වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය සඳහා මුදා හැර ඇත්තේ දඹූල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අත්සනින් යුත් ලිපියක් මගින් අදාළ නියෝගය ක්‍රියාවට නංවමින්ය.

ඒ අනුව 2017.02.17 වැනි දින සිට ෂාෆි වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ පිහිටුවන බවට එම රෝහලේ ශීර්ෂ ඇතුලත් ලිපියක් මගින් දැනුම් දි තිබේ.

මෙම ක්‍රියාවලිය තුළදි ෂාෆි වෛද්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරින්ගේද සහය ඇතිව ආයතන සංග්‍රහයේ මාරු මණ්ඩලයේ නිර්දේශ නොසලකා හැරීම, වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය උල්ලංඝණය කිරීම හා තාවකාලික ස්ථාන මාරු ක්‍රමවේදය යන ක්‍රමවේද තුනම උල්ලංඝණය කර තිබේ.

+++++++++++++++++++++

27.05.2019

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆී ගැන හොයන්න හය දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක්

(28.05.2019 – 10:41 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් පවසයි.

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි රෝහල් විමර්ශනවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සීසේරියන් සැත්කම් සිදු කළ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයා පසුගිය මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනුණේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි.

එහෙත් ඔහු පිළිබඳ පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.

කුරුණෑගල රෝහලට පසුගිය 26 වනදා පැමිණි මව්වරුන් දස දෙනකු පැමිණිලි කර සිටියේ ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් යළිගැබ් නොගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

ඊයේ (27) දිනයේද තවත් මව්වරුන් රැසකගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට එම පැමිණිල්ලම ඉදිරිපත් වී තිබුණි.

චෝදනාවලට ලක්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර ඊයේ පස්වරුවේ දඹුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද අද පැමිණිල්ලක් ගොනු කර තිබේ.‍

ඒ වෛද්‍ය මොහොමඩ් ශාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කාල සීමාවේ සිය පළමු දරු ප්‍රසූතිය සඳහා 2013 වසරේ ඔහුගෙන් සිදු කරගත් සිසේරියන් සැත්කමින් පසු මේ දක්වා තමන්ට දරුඵල අහිමි වී ඇති බව පවසමින්ය.

අදාළ පැමිණිල්ලේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගන්නා බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය ෴

+++++++++++++++++++++

දිවයින නි.කර්තෘ රන්දුණුගෙන් සීඅයිඩීය පැය 5 ක් ප‍්‍රශ්න කරයි

(00.05.2019 – divaina.com)

කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධිය මුලින්ම හෙළිදරව් කළ ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) පෙරවරු 10.00 ට පමණ අනුර සොලමන් මහතා සහ හේමන්ත රන්දුණු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එදින සවස 3.00 පමණ වනතුරු රන්දුණු මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම පුවතට අදාළ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සහ මෙම ප‍්‍රවෘත්තිය පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රන්දුණු මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබේ.

සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලදී වඳ භාවයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පසුගිය දා වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතාට නියෝගයක් කර තිබිණි.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය ෴

+++++++++++++++++++++

වෛද්‍ය පරිපාලකයින්ට දැනුම්දීමක්

(28.05.2019 – 16:41 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මෙම තීරණය පිළිබදව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිභාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි ෴

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනය කරන කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි

(28.05.2019 – 13:49 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කර තිබේ.

වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම කරගත් මව්වරුන් රැසක් අදත් (28) පැමිණිලි ඉදිරිපත් කළ අතර දඹුල්ල ප්‍රදේශයේ මව්වරුන්ට ද කුරුණෑගල රෝහල වෙත පැමිණ, පැමිණිලි කිරීමට අවස්ථාව ලබාදී ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරයි.

ඔහු යටතේ සිසේරියන් සැත්කම් සිදු කරගත් මව්වරුන් 51 දෙනෙකු ඊයේ (27) දිනය වන විට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර අදත් 20 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් රෝහල වෙත ලැබී තිබේ.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ, මෙම අවස්ථාවේදී කාණ්ඩ කීපයක් පරීක්ෂණ පැවැත් විය හැකි බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පොලීසියෙන් පරීක්ෂණ සිදු කල හැකි බවත්, විශේෂයෙන් ආචාර ධර්ම ගැන කරුණු සොයා බැලීමට රටේ වෛද්‍ය සභාවක් ඇති බවත් ඒ අනුව වෛද්‍ය සභාව මඟින් පරීක්ෂණයක් කළ යුතු බවත් නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එහි ව්‍යවස්ථාව අනුව, සංගමයට යම් අපකීර්තියක් සිදු වන්නේ නම්, එයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ මොහොතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාව රැස්ව ඇති බවත්, ඔවුන් කුරුණෑගල රෝහල් ශාඛාව ලෙස අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ කමිටුව පිළි නොගෙන සිටීමට තීරණය කර ඇති බවත් වෛද්‍ය නලින්ද සොයිසා මහතා පැවසීය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවත් ඒ තීරණය සමඟ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය සභාව යනු තාක්ෂණීක තීන්දු ගන්නා ආයතනයක් බවත් එසේ ගන්නා ලද තීන්දු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් නොකරන්නේ නම්, අපි ජීවත් වන්නේ එවැනි රටක බවත්, මෙම පරීක්ෂණය තුළින් ද නිසි පරීක්ෂණයක් සිදුවේයැයි කිසිදු විශ්වාසයක් නොමැති බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

+++++++++++++++++++++

කාන්තාවන් වඳ කරන රහස් ක්‍රම මෙන්න…

(28.05.2019 – 18:48 +0530 – lankacnews.com)

පැවැති පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් සිංහල කාන්තාවන් වඳභාවයට පත් කලා ද කියා සොයා බලන්න පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ දැන් සොයා බලන්නේ පැලෝපීය නාලයට ‘ක්ලෑම්ප්’ දැමීම හරහා අවහිර කර තිබෙනවා ද කියන කාරණය පමණයි. විශේෂඥ වෛද්‍යවරු කියන විධියට කාන්තාවක් වඳ භාවයට පත් කරන්න තව ක්‍රම ගණනාවක් තිබෙනවා.

  1. පැලෝපීය නාලයට ‘ක්ලෑම්ප්’ දැමීම හරහා එය අවහිර කිරීමෙන්
  2. සිසේරියන් සැත්කමකින් පසු ටෙරිටෝනියම් පටලය මහන විට පැලෝපීය නාලයත් අල්ලලා මහන්න පුළුවන්.
  3. සුළු ලේ ගැලීම් ස්ථාන වල ඩයටමයිස් කරනවා නැතිනම් පුළුස්සනවා. ඒ අවස්ථාවක පැලෝපීය නාලය පුළුස්සලා අක්‍රිය කරන්න පුළුවන්.
  4. ඩිම්බ කෝෂ ක්ලෑම්ප් කරලා අවහිර කිරීමෙන් ලේ ගමන නවත්වා අක්‍රිය කරන්න පුළුවන්.
  5. සැත්කමකින් පසු ගර්භාෂයෙන් නොනවත්වා ලේ ගැලීමක් සලස්වා ඊට පසු ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්.
  6. මාතෘ සායන වල දී නිසි දරු ගැබක් පිහිටා තිබෙනවා ද නැති නම් දරු ගැබ වර්ධනය වන සැක් එක පමණක් ද පිහිටා තිබෙන්නේ කියන කාරණය ස්කෑන් කරලා නිරණය කරන්නේ වෛද්‍යවරයා. සැක් එකක් පමණක් නම් එය ගබ්සා කර ඉවත් කරනවා. දරු ගැබ පිහිටා තිබුණත් එසේ කරන්න නරුම වෛද්‍යවරයෙකුට පුළුවන්.

මේ ක්‍රම වලට අමතරව තවත් ක්‍රම තිබෙන්න පුළුවන්. ඒ නිසා පොලිසිය ෂාෆි ෂිහාබ්දින් වෛද්‍යවරයා පිළිබඳ විර්මශනය ඇරඹීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත යුතුයි කියා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ කියන ඕනෑම ආකාරයකින් තමන්ට දරුවන් අහිමි කර අතැයි ෂාෆි වෛද්‍යවරයාගෙන් ප්‍රථිකාර ගත් මවුවරුන්ට කිසියම් හෝ සැකයක් ඇති වී තිබෙනවා නම් වහාම පොලීසියට පැමිණිලි කරන්න කියලා අපි ජාතියේ අනාගතයේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 02
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *