කුරුණෑගල වෛද්‍යවරයා ගැන අදත් පැමිණිලි 40 ක් – අමාත්‍යාංශයේ අතුරු වාර්තාව, අද සෞඛ්‍ය ලේකම්ට

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 05
පිටුව – [01][02][03][04][05][06][07]

(31.05.2019 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන කරන කමිටුවේ අතුරු වාර්තාව අද ලබාදීමට නියමිතයි.

එහිදී සකස් කර ඇති අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මේ වනවිට විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව අදාළ අතුරු කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට ලබාදීමට නියමිතයි.

ඊයේ දිනයේ දී මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබු නමුත්, එය සකස් කර අවසන් කිරිමට නෙහැකි වීම හේතුවෙන් ලබාදීමට ප්‍රමාද වී තිබෙනවා.

එම වාර්තාව ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා කියා සිටියේ.

මේ අතර, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇති බව එහි සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ සහ සිද්ධියට අදාළ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍යාංශයට ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය සභාවට දැනුම් දුන්නද, දිවුරුම් ප්‍රකාශ හා සාක්ෂි නොමැතිව පරීක්ෂණ සිදුකිරීමට නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, වෛද්‍ය සාෆීට එරෙහිව අද දිනයේදී පැමිණිලි 40 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට යොමු වී ඇති පැමිණිලි සංඛ්‍යාව 381 ක්.

මේ වනවිට දඹුල්ල මූලික රෝහල ඉදිරිපිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට විරෝධය පළ කරමින් මව්වරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවක නිරත වනවා.

විරෝධතාව හේතුවෙන් රෝහල ඉදිරිපිට එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි

(30.05.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් 300කට වැඩි පිරිසක් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට හා දඹුල්ල, සීගිරිය හා ගලේවෙල පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් 97 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට අද (30) පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් ව ඇති පැමිණිලි සංඛ්‍යාව 299 ක්.

වෛද්‍ය ශාෆි දඹුල්ල රෝහලේ සේවය කළ කාල සීමාවේ ඔහුගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 08 දෙනෙකු ද අද දඹුල්ල, සීගිරිය හා ගලේවෙල පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කලේය.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත බාර දීමට නියමිතව ඇත.

කෙසේවෙතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිලධාරීන් කිහිපදෙනෙකු අදාළ කමිටුවට දී ඇති සාක්ෂි ද ඉවත් කරගන්නා බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලෙක්ම් වසන්තා පෙරේරා මහත්මිය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ කමිටුව සඳහා සාමාජිකයින් තෝරාගැනීමේදී වෘත්තීමය වශයෙන් විශේෂඥයින් තෝරාගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් අදාළ සාමාජිකයින් පත්කළ බවයි.

එම කමිටුවට තම විමර්ශන කටයුතු කරගෙන යාමට ඇතැම් පාර්ශවයන් විසින් බලපෑම් ඇතිකර ඇති බැවින් එම කටයුත්ත අවසන් කිරීමට නොහැකි වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරික සම්බන්ධයෙන් හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන තුෂාර ස්වර්ණතිලක මහතා විසින් පේරාදෙණිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක ඉදිරිපත් කලේය.

ඒ දරු ප්‍රසූතිය සඳහා එම රෝහල වෙත පැමිණි මව්වරුන්ට විවිධ අකටයුතුකම් සිදුකර ඇති බව පවසමිනි.

30.05.2019

+++++++++++++++++++++

30.05.2019

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි 429 ක්

(31.05.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව අද වනවිට පැමිණිලි 429 ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල මූලික රෝහලට සහ දඹුල්ල පොලිසියටයි එම පැමිණිලි ලැබී ඇත්තේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට අද දිනයේදී පැමිණිලි 82 ක් ලැබී තිබූ අතර, එම රෝහලට වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට ලැබී ඇති සම්පූර්ණ පැමිණිලි සංඛ්‍යාව 386 ක්.

දඹුල්ල රෝහලට සැකකාර මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි 43 ක් ලැබී ඇති අතර, අද දිනයේදී පමණක් ඔහුට එරෙහිව පැමිණිලි 13 ක් ලැබී තිබුණා.

අදත් පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණි මව්වරුන් කිහිප දෙනෙකු සදහන් කළේ තමන්ට විවිධ අපහසුතා ද ඇතිවී ඇති බවයි.

මේ අතර, අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන කරන කමිටුවේ අතුරු වාර්තාව අද ලබාදීමට නියමිත බව ද වාර්තා වුණා.

‘සාපිගෙ සාපේ’

එම වාර්තාව ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කියා සිටියේ අදාළ කමිටු වාර්තාව පිළිගත නොහැකි බවයි.

මේ අතර, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා සයිටම් වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ නියෝජිතයින් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව අද දඹුල්ල නගරයේ විරෝධතාවක් පැවැත්වුණේ කඩසාප්පුද වසා දමමින්.

ඊට ප්‍රදේශයේ ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාකරුවන් වැඩිදුරටත් චෝදනා කළේ දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක් මේ වනවිටත් ඉතා සංවිධානාත්මකව 10,000 කට වැඩි පිරිසකට උපත් පාලන ක්‍රමවේදයන් හදුන්වා දී ඇති බවයි.

මේ අතර, පොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නිසි පරීක්ෂණයකින් තොරව ආරක්ෂා කිරීමට කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරියේදී විශ්වාභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 05
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *